indrajith

Electric Car Charging කොළඹ දී

විදුලි මෝටර් රථ සඳහා වන ප්‍රථම විදුලි ආරෝපණ මධ්‍යස්ථානය විවෘත කෙරේ. කොළඹ 08, ටිකල් මාවතේ පිහිටි අංක 10 දරන ස්ථානයේදී මෙම විදුලි අරෝපන මධ්‍යස්ථානය පිහිටුවා තිබේ.විදුලි බල හා බලශක්ති ඇමති පාඨලී චම්පික රණවක මහතා අතින් අද මෙම මධ්‍යස්ථානය විවෘත ‍ කෙරිණ. දැනට 100% ක් ඉන්ධන වලින් ක්‍රියාත්මකවන ප්‍රවාහන ක්ෂේත්‍රය, 2020 වනවිට විදුලියෙන් ක්‍රියාත්මක කිරීමේ සහ එම විදුලිය හරිත විදුලියෙන් නිපදවා ...

Read More »

දුෂණය කරන්න ගෙනගිය දැරියට පොළඟෙක් ගහලා

අවුරුදු 17 ක ගැහැණු ළමයෙකු රවටාගෙන දුෂණය කිරීම සඳහා කැලයක් මැදට කැඳවාගෙන ගෙන ගොස් සිටියදී පොළඟෙකු දෂ්ට කර මියගොස් ඇතැයි වාර්තා වෙයි. මෙම දැරිය දුෂණය කිරීමට තැත්කළ පුද්ගලයා මේ වන විට සීදුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස මියගොස් ඇත්තේ මූකලන්ගමුව සීදුව පදිංචි දැරියකි. දැරියගේ පියා මියගොස් වසර 17 ක් ගතවන අතර මව සුළු රැකියාවක නිරත වේ. මව රැකියාවට ගිය ...

Read More »

” පිටි පස්‌සේ ඉඳලා පිහියෙන් අනින්න එපා ”

විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් ඊයේ (08) පාර්ලිමේන්තුවේදී විවාදයක් පැවති අතර එහිදී නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ සන්ධානයේ මන්ත්‍රීවරයෙකු වශයෙන් තමාට විපක්ෂ නායක ධූරය හෙබවීමට අයිතියක් නොමැති නම් සන්ධානයේ වෙනත් මන්ත්‍රීවරයෙකු ඒ සදහා සුදුසු බවට යෝජනා කරන්නේ කෙසේද යන්න ඔහු ප්‍රශ්ණ කරයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දි‍නේෂ් ගුණවර්ධන මහතා විපක්ෂ නායක ධූරය සදහා යෝජනා කර ඇති අතර ...

Read More »

පතලක විෂ වායුවක් – 4ක් මරුට

රත්නපුර, ගිලීමලේ, හගොව වෙල්යායේ මැණික් පතලකින් මතුවූ විෂ වායුවක් ආඝ්‍රාණය වීමෙන් එහි වැඩ කරමින් සිටි පතල්කරුවන් සිවුදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. අද (08දා) පස්වරු 5.00 ට පමණ මෙම විෂ වායුව මතුවී ඇති බව පොලීසිය පවසයි. එම අවස්ථාවේ පුද්ගලයන් හයදෙනෙකු පතලයේ වැඩ කරමින් සිට ඇති අතර, දෙදෙනෙකුගේ ජීවිත බේරී ඇත. එක් අයෙකු රත්නපුර මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. ගිලීමලේ පදිංචිකරුවන් ...

Read More »

“චම්පිකට වැඩිය මහින්ද හොඳයි”

අමාත්‍ය චම්පික රණවක වැනි ෆැසිස්ට් වාදියෙකු ශ්‍රිලංකාවේ විධායක ජනාධිපති ධුරයට පත් කරනවාට වඩා එපාවු මහින්ද රාජපක්ෂ යළි පත්කර ගැනිම හොඳ බව ප්‍රවින විචාරක උපුල් ශාන්ත සන්නස්ගල මහතා පවසයි. “ජනවරමට ගරු කරනු – විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු ” යන මැයෙන් අද (8) පස්වරුවේ කොළඹ නව රඟහලේ පැවති සම්මන්ත්‍රණය අමතමින් ඒ මහතා මේ බව කීය. පුරවැසි බලය සංවිධානය ‍මෙය සංවිධානය කර ...

Read More »

” බෑණාවරුන්ට පිං ! “

තමා සිරගතවූ අවස්ථාවේ අන්තර්ජාල බෑණාවරුන් තමන් ඇපමත නිදහස් කිරීම සම්බන්ධයෙන් පරිගණක ආශ‍්‍රිතව දියත් කළ මෙහෙයුමට තුතිපුදන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි. ඔහු කියා ඇත්තේ බෑණාවරුන් තම දියණිය කෙරෙහි දැක්වූ උනන්දුව නිසාම එම ඇප ලබාගැනීමේ කාර්යය සඵල වීමට තමාට වරමක් ලැබුණ බවයි. “ඔය බෑණාවරුන්ගේ සංගමය මම දැක්කා ෆේස්බුක් වල වෙනමම පිටුවක් ආරම්භ කරලා තියෙනවා. මම සන්තෝෂවෙන්නේ මාව රඳවපු වෙලාවේ ...

Read More »

කොටකෙතන කත මැරූ හැටි හෙළිවෙයි

කොටකෙතනේදී ඝාතනයට ලක්වූ චන්ද්‍රානි ස්වර්ණලතා නමැති 38 හැවිරිදි කාන්තාවගේ හිසට බර ආයුධයකින් කළ පහරදීම හේතුවෙන් හිස්කබලට බරපතළ හානි සිදුවීමෙන් මරණය සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ රත්නපුර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය ටිකිරි බණ්ඩාර මහතා නිගමනය කළේය. පශ්චාත් මරණ පරීක්‍ෂණය රත්නපුර මහ රෝහලේදී ඊයේ (7දා) සිදුකෙරිණි. නිවෙසින් අතුරුදන් වී සිට පෙරේදා සවස කොටකෙතන ඇළේ ගසක් මුල සිරවී තිබියදී ...

Read More »

මුරලිට ලංකාව එපා වෙලා ද?

-ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකරුවෙක් ලෙස කටයුතු කිරීමට තමන්ගේ කිසිම අදහසක් නොමැති බව ලොව පහළවු සුපිරි දග පන්දු යවන්නෙකු වන ශ්‍රී ලංකා ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි. ඔහු මෙසේ පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේදී පුහුණුකරුවෙක් ලෙස කටයුතු කිරිමට කිසියම් අදහස් පවතින්නේද යනුවෙන් ද හින්දු පුවතේ මාධ්‍යවේදියෙකු නැගූ පැණයකට පිළිතුරු ලෙසිනි. හෙට (08) ආරම්භවීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් ...

Read More »

ෆොන්සේකා වැට පනියි

පාර්ලිමේන්තුව විසුරුවන්නේ මැයි 3වැනිදාට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයෙන් පසුව බව ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය. මහනුවර අද (07) පැවති රැස්වීමකදී ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා සමග කළ සාකච්ඡාවලදී මේ පිළිබඳව තොරතුරු දැනගත් බවයි. මේ අතර සිය පක්ෂයේ සංවිධායකින් ඇතුළු දේශපාලනඥයින්ටද ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා දොස් නැගුවේය. එහිදී හෙතෙම සඳහන් කළේ දේශපාලනයේ නිරත වෙන්නේ නම් නිවරැදිව එය ...

Read More »

ෆුල්ෆේස් තහනම Knock out !

මුහුණු ආවරණ පැළද දිවයින පුරා ප්‍රදේශ කිහිපයකම මහා පරිමාණ කොල්ලකෑම්හි නිරත වූ කොල්ලකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගැනීමට අතුරුගිරිය පොලිසිය සමත් වී ඇත. පසුගිය 2 වෙනිදා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. මුල්ලේරියාව, අවිස්සාවේල්ල, පිළියන්ද, බෝකුන්දර , වැලිසර, ගල්කිස්ස, හොරණ, වැල්ලම්පිටිය ප්‍රදේශයන් හි රුපියල් කෝටියකට ආසන්න මුදල් ප්‍රමානයක් මොවුන් විසින් කොල්ල කා ඇති බවට වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ...

Read More »