indrajith

කෝටි 6ක ගබ්සා පෙති ගෙනත්!

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි 6 කට අධික වටිනාකමකින් යුත් ගබ්සා පෙති හා මත්පැන් තොගයක්‌ කොළඹ 13, කදිරේෂන් ප්‍රදේශයේ ගබඩාවක තිබී ආදුරුප්පුවීදිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ආදුරුප්පුවීදිය පොලිසියට ලැබුණු තොරතුරකට අනුව (17 දා) සිදුකළ වැටලීමකදී මෙම ගබ්සා පෙති හා මත්පැන් තොගය සොයා ගෙන තිබේ. මෙම නීතිවිරෝධී භාණ්‌ඩ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් එක්‌ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ...

Read More »

රාජිතගේ පුතා මහින්දට අභියෝග කරයි

‘ඔබ 77 බෙලිඅත්තෙන් ඡන්දෙන ආවා නම් නැවතත් බෙලි අත්තෙන්ම ඡන්දෙට එන්න. මම එනවා බෙලි අත්තෙන් ඡන්දෙ ඉල්ලන්න. ඡන්දේ ඉල්ලා බෙලිඅත්තෙන්ම ඔබේ දේශපාලන ජීවිතය අවසන් කරන්න යැයි.‘ යැයි ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතාගේ පුත් චතුර සේනාරත්න මහතා කොළඹ පැවැති රැලියක දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කළේය. ‘රුපියල් දෙදහස බැගින් දීලා, රුපියල් දෙලක්ෂය බැගින් බස් වලට දී මාතරට සෙකඟ ගෙනාවා. ...

Read More »

තුවාල බෙහෙතක් වෙළද පලෙන් ඉවතට

අධික සාන්ද්‍රණයෙන් යුත් “හයිඩ්‍රජන් පෙරොක්‌සයිඩ්” නමැති රසායනික ද්‍රව්‍යය වහාම වෙළෙඳ පොළෙන් ඉවත් කර ගන්නා ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අදාළ සමාගමට දැනුම් දී ඇත. තුවාලවලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන මෙම “හයිඩ්‍රජන් පෙරොක්‌සයිඩ්” වෙනත් ශරීර ආබාධවලට භාවිතා කළ හැකි බවට ලේබලයේ සඳහන් වුවත් එසේ භාවිතා කිරීමේදී අතුරු ආබාධ මතුවන බවට තහවුරු වී තිබේ. එසේම මෙම ඖෂධය භාවිතා කිරීම සඳහා උපදෙස්‌ ...

Read More »

හතර දෙනෙකුට මරු කැඳවු වැසිකිළි වල

අතහැර දමා තිබූ වැසිකිළි වළක කොන්ක්‍රීට්‌ ලෑල්ල කඩා වැටී වළ තුළට වැටුණ කාන්තාවක්‌ බේරා ගැනීමට උත්සාහ කළ තිදෙනකු හා එම කාන්තාව විෂ වායු ආග්‍රහනය වීමෙන් මියගොස්‌ ඇත. රඹුක්‌කන, පරපේ, මීදෙණියවත්ත, ප්‍රදේශයේ පදිංචි හතරදෙනෙක්‌ ඊයේ (19 වැනිදා) පෙරවරුවේ මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූහ. මෙසේ මිය ගියේ යූ. ජී, සුනිල් ජයරත්න (52) එච්. ජී. ගාමිණී (44), එම්. ජී. ආනන්ද ප්‍රේමසිරි (39) සහ ...

Read More »

“වෙලේ සුදා උදයන්තිට ලක්ෂය ගානේ ගෙවලා “

චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිලි උදයන්ති කුලතුංගගේ බැංකු ගිණුම් තහනම් කිරීමේ නියෝගයට අදාළව කොළඹ මහාධිකරණය ලබාදුන් නියෝගයේ පිටපතක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙයි. සිය බැංකු ගිණුම් තහනම් කිරීමේ නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා උදයන්ති කුලතුංග විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම අද අධිකරණය හමුවේ සලකා බැලිණ. මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස නම්දරා සිටින වෙලේසුදා සමග මූල්‍ය ගනුදෙනු ...

Read More »

“සිරසේ ලොක්කා ඇඹලයෙක් “

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත් සභාවේ මැති ඇමතිවරුන් පිරිසක් සමග එම පළාත් සභාවේ මන්ත්‍රීවරියන් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ මල්ෂා කුමාරතුංග පෙරේදා (16) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාව ශ්‍රී ලංකාවේ සියලුම රූපවාහිනී නාළිකා සහ මාධ්‍ය ආයතන ප්‍රචාරය කළද සිරස මාධ්‍ය ජාලය එය වර්ජණය කරන ලදී. සිරස එසේ මාධ්‍ය සාකච්ඡාව වර්ජණය කළේ කවර හේතුවක් නිසාදැයි එක්තරා මාධ්‍යවේදියෙකු හිරුණිකාගෙන් විමසූවිට ඇය කදිම ...

Read More »

ශ්‍රී ලංකන් ගුවන් යානයක් අකරතැබ්බයක

ප‍්‍රංශයේ පැරිස් සිට ශ‍්‍රී ලංකාව බලා පැමිණෙමින් තිබූ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් ගුවනේදී වායු අවපාතයකට ලක්ව තිබේ. ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය සංවර්ධන කළමනාකරු දීපාල් වී. පෙරේරා මහතා පැවසුවේ එහිදී කාර්යමණ්ඩලයේ 4 දෙනෙකුට තුවාල සිදුවී ඇති බවයි. ඔවුන් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළට ගොඩබැස්වීමට ආසන්නව තිබියදී ...

Read More »

අත්භූත පවුලක් ගමක් කළඹයි

තඹුත්තේගම රාජපක්ෂගම ගම්මානයෙහි අද්භූත කාන්තාවක්, පිරිමියකු හා කුඩා දරුවකු සැරිසැරීම හේතුවෙන් ගම්වාසීහු සිය ගම්බිම් හැරදා යමින් සිටිති. දිවා කාලයේදී සහ රාත‍්‍රී කාලයන්හි මෙම අද්භූත පුද්ගලයින් තිදෙනා දැක ඇති ගම්වාසීන් රැුසක් සිය නිවාසවල ශාන්තිකර්මයන් පවා සිදු කර තිබේ. නමුත් මෙම අද්භූත පුද්ගලයින් තිදෙනා දිගින් දිගටම ප‍්‍රදේශයේ සැරිසැරීම හේතුවෙන් ගම්වාසීන් දැඩි භීතියට පත්ව පවුල් රැුසක් ගම හැරදා ගොස් තිබේ. පහුගිය දවසක් මහ ...

Read More »

කරාඹු දෙක ගන්න මිනියක් ගොඩදාලා

අනුරාධපුර ගම්බිරිගස්‌වැව, පලුගොල්ලෑව පොදු සුසාන භුමියේ කොන්ක්‍රීට්‌ දමා මිහිදන් කොට තිබූ විසි හැවිරිදි තරුණ මවකගේ මළ සිරුරක්‌ ගොඩ ගෙන ඇගේ දෙකන්වලට දමා තිබූ කරාබු ජෝඩුවක්‌ ගලවා ගෙන ගොස්‌ ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම පදිංචි යුද හමුදාවේ සේවය හැර ගිය සෙබළෙකු ඇතුළු තරුණයන් සිවුදෙනෙක්‌ අනුරාධපුර පොලිසිය විසින් පෙරේදා (16) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ ...

Read More »

අල්ලපු කුඩු වලින් සල්ලි සෙවු කොස්තාපල්

අත්අඩංගුවට ගන්නා හෙරොයින් කුඩුකාරයින් ලවා විකුණා මුදල් ලබාගත් බව කියන ‍පොලිස් කොස්තාපල්වරයකු විශේෂ කාර්ය බළකාය මගින් පෙරේදා (15) අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ ඒකකයේ සේවය කරන (78960) දරන සංජීව ප්‍රේමරත්න යන කොස්තාපල්වරයාය. ගණේමුල්ල, ගලහිටියාව ප්‍රදේශයේ තරුණයකු සහ මවක් විශේෂ කාර්ය බළකාය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ හෙරොයින් පැකට් 120ක් තිබි ...

Read More »