Thursday , 30 November 2023

ඇවන්ගාර්ඩ් / ගෝඨාභයගේ බැංකු ගිණුම් පිරික්සීමට නියෝග

-ගාල්ල වරායෙන් හමුවූ පාවෙන අවි ගබඩාවේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, අතිරේක ලේකම් ඩී.එම්.එස්.ජයරත්න මහතා හා ඇවන්ගාර්ඩ් මැරිටයිම් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලු දෙනාගේ බැංකු ගිණුම් පරීක්ෂාකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ගාල්ල මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය රහස් පොලිසියට අද (26) නියෝග කරන ලදී.

ආරක්ෂක අමාත්‍යංශ අතිරේක ලේකම් ජයරත්න මහත්මියගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඇති නිසා ඇගේ විදේශ ගමන් තහනම් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කල අතර පාවෙන අවි ගබඩාව ඇති මහනුවර නම් නැවේ කාර්ය මණ්ඩලය මාරු කිරීමටත් එහි ඇති අවි වෙනත් නැවකට මාරු කිරීමටත් විත්තියෙන් කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කරන ලදී.

Check Also

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...