දින දෙකක් හෝ තුනක් වයසැති බිලිඳකු අත් බෑගයක් තුළ නිදි කරවා කිසියම් අයෙකු විසින් අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ උතුරු මැද නියෝජ්‍ය පොලිස්‌පති කාර්යාලය ඉදිරිපිට අවන්ති දේවි බාලිකා ළමා නිවාසයේ ප්‍රධාන ගේට්‌ටුවේ එල්ලා තිබියදී පෙරේදා (28 දා) රාත්‍රියේ එහි සේවිකාවකට හමුවී ඇත.ගේට්‌ටුවේ අත් බෑගයක් එල්ලා තිබෙනු දුටු සේවිකාව ඒ අසලට ගොස් පරීක්‍ෂා කරන විට බෑගය තුළ බිළි¹ සිටිනු දැක ඒ බව ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාවට දැනුම් දී ඇත. අනතුරුව ඒ පිළිබඳව අනුරාධපුර පොලිසිය වෙත දැනුම්දීමෙන් අනතුරුව පොලිසිය සමඟ ගොස් ඇය බිලිදා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට භාරදී ඇත.
මේ වනවිට අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ විශේෂ ළදරු ප්‍රතිකාර ඒකකයේ සිටින එම බිලිදා මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය විඡේදාස අතපත්තු මහතා පැවැසීය.
බිලි¹ මීට දින තුනකට පමණ පෙර උපත ලබන්නට ඇති බවට වෛද්‍යවරුන් නිගමනය කර න බවද හෙතෙම කීය.
අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් මේ පිළිබඳව පරීක්‍ෂණයක් ආරම්භ කොට ඇත.