කොළඹ සිට බදුල්ල බලා ඊයේ (6) රාත‍්‍රීයේ දී ධාවනය වු දුම්රියේ වැසිකිළියක් තුළ කාන්තාවක හා පිරිමින් කිහිප දෙනෙකු කෙඳිරි ගාන හඬ ඇසී එතැන අතවරයක් සිදුවන බව ඇසුණු මගීන් දුම්රිය ආරක්ෂක අංශ වලට දැනුම් දීමට පියවර ගත් අතර ඔවුන් පැමිණ වැසිකිලි දොර විවෘත කර බැලීමේදී අඩ නිරුවතින් සිටින තරුණයින් තිදෙනෙකු හා මැද වයසේ කාන්තාවක දක්නට ලැබී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදි,
‘ඔබට ඔවුන් බලහත්කාරකම් කරා නේදැයි’ පොලිසිය අසද්දී
‘නෑ එහෙම දෙයක් නෑ… ඒ තුන් දෙනා එක්ක මං වැසිකිළියේ හිටියේ මගේ කැමැත්තෙන්..’
යැයි කාන්තාව පවසා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේය. එම කාන්තාවගේ වයස අවුරුදු 35 කි. අත්අඩංගුවට පත්වු තරුණයින් තිදෙනා දියතලාව හමුදා කඳවුරට අනියුක්තව සේවය කරන අය බව පරීක්ෂණවලදි හෙළි වි තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.