කටුනායක ගුවන්තොටුපලේ දැනට ඇති ගුවන්යානා ඉන්ධන ගබඩා සංකීර්ණය ලීටර ලක්ෂ 78 ක ධාරිතාවයකින් යුතු වුවත් එහි ගබඩා කර තබාගන්නා ඉන්ධන දින 3 – 4 ක් ගතවීමට මත්තෙන් අවසාන වන බව පැවසේ.2000 වසරේදී මෙම ගබඩා සංකීර්ණයේ තෙල් දින 7 – 8 ක් වැනි කාලයක් පුරාවට රදවා තබා ගත හැකිව තිබී ඇත.
මෙම තෙල් ගබඩා සංකීර්ණයට තෙල් සැපයුම බවුසර මගින් හා දුම්රියෙන් දැනට සිදුවේ.
නමුත් ඉන්ධන සදහා වන ඉල්ලූම තවත් ඉහළ යන ලකුණු පෙනෙන්නට තිබෙන හෙයින් වහාම අවශ්‍ය පියවර ගත යුතුව ඇතැයි ඛනිජ තෙල් සංස්ථාවේ අදහසයි.
දැනට මුතුරාජවෙල තෙල් සංකීර්ණයේ ඛනිජ තෙල් සදහා වෙනම ගබඩා පහසුකම් නොමැත.
සුදුසු සමාගමකට මෙම පහසුකම් ඇතිකිරීම භාරදී ඒ සමගම මුතුරාජවෙල තෙල් සංකීර්ණයේ අනෙක් පහසුකම්ද නවීකරණ කිරීමට ඛනිජ තෙල් සංස්ථාව අපේක්ෂා කරයි.