13.3 C
London
Friday, November 14, 2025
spot_img

අනාථ බන්දුල ලාට එල්ලෙන්න පිදුරු ගහක් ?

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුධයෙන් අසරණව සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට පිහිටවීමට තමන් සූදානම් බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසනවා.

උන්වහන්සේ ප‍්‍රකාශ කලේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගැටළුවලට මුහුණ පා සිටින මන්ත‍්‍රීවරුන්ට තම පක්ෂයට සම්බන්ධ වන ලෙස ආරාධනා කරන බවයි.නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වය අහිමිවූ බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු මන්ත‍්‍රීවරුන් පස් දෙනාට මේ සම්බන්ධයෙන් ඇරයුම් කල බවද සීලරතන හිමියන් පැවසුවා.

කෙසේ වෙතත් මෙම මන්ත‍්‍රීවරුන්ට යලි මධ්‍යම කාරක සභාවට එක්විය හැකි බවයි නිදහස් පක්ෂ ජාතික සංවිධායක සුසිල් පේ‍්‍රම්ජයනත් මහතා ඊයේ පැවසුවේ. අදාල මන්ත‍්‍රීවරුන් මේ වන විටත් පක්ෂයේ තීරණයට එරෙහිව නීතිමය පියවර ගැනීමේ සූදානමකින් පසුවන අතර ඔවුන්ගෙන් එක් අයෙකු මේ පිළිබද ජනපති මුණගැසී සාකච්ජාවක්ද පවත්වා තිබුණා.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles