11.9 C
London
Tuesday, December 9, 2025
spot_img

බැසිල් ජාතික රෝහලට කරදරයක් වෙලා

රුපියල් බිලියන ගණනක මූල්‍ය වංචා සහ අක්‍රමිකතා සිදුකිරීමේ චෝදනාවට ලක්ව සිරගත කොට ඉන් මිදී ව්‍යාජ රෝගීතත්වයක් පෙන්වමින් ජාතික රෝහලේ කම්සැප විඳිමින් සිටිනා රාජපක්ෂ රෙජීමයේ ඩීල් කටයුතු භාරව සිටි කුප්‍රකට හිටපු ආර්ථික අමාත්‍යවරයා වන බැසිල් රාජපක්ෂ දීර්ඝ කාලීනව රැඳී සිටීමෙන් රෝගීන් සහ එහි කාර්යමණ්ඩලය දැඩි අපහසුතාවන්ට පත්වන බව වාර්තා වේ.
ඔහු බැලීමට පැමිණෙන ප්‍රභූවරුන් සහ දේශපාලකයන් නිසා සිදු වන පිරිස් අවහිරතාව හා වාහන තදබදය එහිදී විශාල ගැටලුවක්ව ඇති අතර ඒ සඳහා කඩිනම් පියවරක් ගන්නා ලෙස රෝගීන් බැලීමට පැමිණෙන පිරිස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

යහපාලනය ක්‍රියාත්මක වීමත් සමඟ ඉදිරි කාලයේදී දේශපාලකයන් බන්ධනාගාරගත වීම ඉහළ යා හැකි අතර ඔවුන් බන්ධනාගාර රෝහල හරහා ජාතික රෝහල වෙත මාරු කර එවනු ලබයි. ජාතික රෝහලේ සියලුම අංශවල ප්‍රගතිය හා ඉදිරි වැඩ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් සෞඛ්‍ය ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී ඉදිරිපත් වූ ගැටලු සොයා බැලීමට ඇමැතිවරයාගේ අවධානය යොමු විය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles