-බාටා – සන්ඬේ ටයිම්ස් වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ (2015) තෙවැනි සතිය නිමාවන විට තවදුරටත් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට ඡන්ද 952 ක් ලබා සිටින පානදුර රාජකීය විද්‍යාලයේ හිමේෂ රංගනාත් සිසුවා සමත් ව සිටියි. ගෙවී ගිය සතිය තුළදී ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 130 කි.
ඡුන්ද 853 ක් ලබා සිටි කොළඹ රාජකීය විද්‍යාලයේ රන්දේව් පතිරණ සිසුවා එහි දෙවැනි ස්ථානයේ පසු වන අතර ඔහුට ගෙවී ගිය සතිය තුළදී ඡන්ද 80 ක් අළුතින් එකතු වී තිබේ. තෙවැනි සතිය අවසානයේ ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ චරිත් අසලංක සහ කොළඹ ශාන්ත ජෝෂප් විදුහලේ පැතුම් මධුෂංක පිළිවෙලන් ඡන්ද 779 ක් සහ 738 ක් බැගින් ලබා සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන හිමිකරගෙන ඇත.
ගාල්ල විද්‍යාලෝක විදුහලේ නිපුන් මාලිංග ඡන්ද 283 ක් ලබා නැගී එන කාණ්ඩයේ පෙරමුණගෙන ඇති අතර එහි දෙවැනි ස්ථානය ඡන්ද 145 ක් ලබා සිටින මීගමුව ශාන්ත පීතර විදුහලේ උදිත් දිල්සරට හිමි වී තිබේ. ගෙවී ගිය සතිය තුළදී නිපුන් මාලිංග ඡන්ද 146 ක් ලබාගෙන ඇති අතර උදිත් දිල්සර එම සතිය තුළදී ලබාගෙන ඇත්තේ ඡන්ද 21 ක් පමණි.
අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ කිසිදු ක්‍රීඩකයකු තවමත් ඡුන්ද ලබාගැනීමට සමත්ව නැත. මෙම තරගයට අදාළ කූපන් පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත්පත් වලද, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ පුවත්පත් වලද පළවේ. ඒ අනුව තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට ලබන ජූනි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව ලැබේ.