BBC ප්‍රධානියා ඉල්ලා අස්වේ

පසු ගිය සති කිහිපය තුල බ්‍රිතාන්‍යයේ මහත් කැළඹීමක්  ඇතිකළ BBC ආයතනය තුල සිදුවී ඇති ලිංගික අපචාර ක්‍රියා සම්බන්ධයෙන්ද  තම කණගාටුව ප්‍රකාශ කල BBC ප්‍රධානී George Entwistle තම ඉල්ලා අස්වීම ප්‍රකාශ කරන ලදී . ඔහු මෙසේ ඉල්ලා අස් වීමට හේතුව නම් තම ආයතනයේ වැඩසටහනක පලවූ සාවද්‍ය තොරතුරු හේතුවෙනි. ළමා ලිංගික අපචාර චෝදනාවක් නිදොස් පුද්ගලයෙකු වෙත යොමු වන පරිදි මෙම වැඩසටහනෙහි තොරතුරු අන්තර්ගත වී ඇත. ආයතනයේ වත්මන් ප්‍රධානියා වශයෙන් ඔහු මෙම තීරනය ප්‍රකාශයට පත්කළේ එම තනතුරට පත්වී දින 54 ක් වැනි ඉතා සුළු කාලයකදී වීම කැපී පෙනුනි. වසර 23 ක් වැනි ඉතා දීර්ඝ කාලයක් BBC ආයතනයට සේවය කර ඇති මොහු ගත තීරණය තම ඉතා අගය කරන බව බ්‍රිතාන්‍ය සංස්කෘතික ලේකම් වරිය පවසා තිබුණි.

Check Also

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...

මහරැජිණ මාළිගය හැරයයි

බ්‍රිතාන්‍ය මහ රැජන වෙසෙන බකිංහැම් මාලිගයේ නඩත්තු කටයුතු සඳහා වැසීමට ගෙන ඇති තීරණය නිසා මහ ...