වසර 38ක් තිස්සේ බ්‍රිතාන්‍ය ජනතාවට කාලීන ප්‍රවෘත්ති හා යාවත් කාලීන ක්‍රීඩා තොරතුරු ආදිය ලබාදුන් ලෝකයේ පළමුවන ටෙලිටෙක්ස් සේවාව (පරිගණක හා රූපවාහිනීය මඟින් තොරතුරු ලබා දීමේ සේවාව)වන බී බී සී සීෆැක්ස් සේවාව විකාශන කටයුතු අත්හිටුවා ඇත.
ඩිජිටල් විකාශනයන්ට මාරුවීම හේතුකොට ගෙන මේ අත්හිටුවිම සිදුකර ඇති අතර ඔලිම්පික් ශූරියක වන මේරි පීටර්ස් පෙරේදා දේශීයවේලාවෙන් 23.30 ට උතුරු අයර්ලන්තය කරා අවසන් ඇනලොග් ටී වී සංඥාව නිකුත් කිරීමෙන් මේ සේවාවේ කටයුතු නිමා කර ඇත.
බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයකු වූ ජෝන් මේජර් මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ පුවතක සවිස්තරාත්මක තොරතුරු දැක්විමට වෙන් වු ඉතාම කෙටි කාලයක දී සී ෆැක්ස්
සේවයේ සිරස්තලයන්ගෙන් ලෝකයට ක්ෂණික කවුළුවක් විවෘත කර දුන් බවය. ගෝලීය පුවත්වල සිට දේශීය ක්‍රීඩාතොරතුරු දක්වා ව්‍යාප්ත කෙරුණු එම සේවාවෙන් ලබා දුන් පුවත් කඩිනම්, නිවැරැදි හා අත්‍යවශ්‍ය ඒවා වූ බවද ඔහු කීවේය.මේ සේවාව හිමිකර ගනුලැබ තිබෙන වාර්තාව ගැන ඔවුනට ආඩම්බර විය හැකි බවද ඔහු කීය.
සීෆැක්ස් සේවාව අරඹන ලද්දේ 1974 සැප්තැම්බර් 23දා ය. එය පූර්ව අන්තර්ජාල යුගයේ දී ජනතාවට තොරතුරු ලබා දීමෙහි ලා මූලික කාර්ය භාරයක් ඉටුකර තිබිණ. එහි උපරිම ආකර්ෂණය පැවති 1990 දශකයේ දී මිලියන 20කට වැඩි ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මේ සේවාවෙන් ප්‍රයෝජන ලබා ගෙන තිබිණි. එය වඩාත් ජනප්‍රිය වූයේ ක්‍රීඩා ලෝලීන් අතර බව ප්‍රකාශිතය.