Wednesday , 22 January 2025

ඥාණසාර හිමි උසාවි නොගිය හේතුව මෙන්න

බොදු බල සේනා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පසුගිය දා උසාවිය ඉදිරියේ පෙනී සිටීමට නොහැකි වූයේවෙසක් උත්සවය වෙනුවෙන් පැවති සැමරුමකට සහභාගී වීමට ජපානයට වැඩම කර තිබූ නිසා බව බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා පවසා සිටියි.

ඒ මහතා වැඩි දුරටත් පවසා සිටියේ උසාවිය ඉදිරියේ පෙනී සිටීම සඳහා නැවත ශ්‍රී ලංකාවට වැඩම කිරීමට ඥානසාර හිමියන් කලින් සැලසුම් කර තිබුණත් ආපසු පැමිණීම වෙනුවෙන් ගුවන් ගමන් වාරයක් වෙන් කර ගැනීමට උන්වහන්සේට නොහැකි වූ බවයි.

ඒ බව අධිකරණයට දැනුම් දුන් නමුත් අධිකරණය විසින් ඥානසාර හිමියන්ට වරෙන්තු නිකුත් කර ඇති බව විතානගේ මහතා ප්‍රකාශ කළේ ය.

අධිකරණ නියෝග නොසලකා හරිමින් අප්‍රේල් 23 වනදා අල්ලස් කොමිසම ඉදිරියේ පැවති උද්ඝෝෂණයකට සහභාගී වීම නිසා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු 27 දෙනෙකුට ඊයේ දින (08) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබුණි.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...