22.6 C
London
Wednesday, June 18, 2025
spot_img

ගෝඨාභය අපිට එපා !!

දේශපාලන කටයුතු සඳහා එක්‌වන මෙන් බොදුබල සේනා දේශපාලන පෙරමුණ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට නිල වශයෙන් කිසිදු ආරාධනාවක්‌ හෝ එවැනි කිසිදු සාකච්ඡාවක්‌ සිදුනොකළ බව එම පෙරමුණ අවධාරණය කරයි.

මේ සම්බන්ධ පළවන මාධ්‍ය වාර්තා පදනම් විරහිත බවත් එම චෝදනා සිය සංවිධානය දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කරන බවත් බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි කථිකාචාර්ය ඩිලන්ත විතානගේ මහතා සඳහන් කරයි.

සාවද්‍ය තොරතුරු වාර්තා කළ මාධ්‍ය සහ මාධ්‍යවේදීන්ට ඉදිරියේදී නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බව ඒ මහතා සඳහන් කළේය.

පසුගිය තෙවසර තිස්‌සේම සිය සංවිධානයේ ක්‍රියාකාරකම් වලට එරෙහිව ජාතික හා ජාත්‍යන්තරව කොන්ත්‍රාත් බාරගත් පුද්ගලයන් සහ ආයතන ක්‍රියාත්මක වූ බව පැවසූ ඒ මහතා විකෘති මානසිකත්වයෙන් යුත් මාධ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යැමට වඩා මහ පාරේ හිඟාකෑම සදාචාර සම්පන්න බවද සඳහන් කළේය. හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා හා සිය සංවිධානයේ දේශපාලන පෙරමුණ සමඟ නැති සම්බන්ධයක්‌ ඇති කිරීම, බටහිර කුමන්ත්‍රණයක්‌ පිළිබඳ සඳහන් කිරීම, ජාතික හෙළ උරුමය සාමාජිකයන් සිය සංවිධානයේ දේශපාලන පෙරමුණට සම්බන්ධ වන බවට පතුරවා හැරීම, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරු එක්‌වන බව පැවසීම හෙළා දකින බවද ඒ මහතා තවදුරටත් පැවැසීය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles