පෞද්ගලික ආයතනයක උසස් රැකියාවක නියුතුව සිටි සුදත් හා සුමාලි අප වෙත පැමිණියේ දික්කසාදය කරා යමින් සිටියදීය. හිතවතුන්ගේ දැනුවත් කිරීම මත ඔවුන් අප වෙත යොමු විය. මෑතකදී විවාහ වූ මේ යුවළ කදිමට ගැළපෙන බව අපට පෙනී ගියේය.මුලින්ම අප සුදත් සමඟ කතාවට වැටුණෙමු. “අපි දෙන්නා විවාහ වුණේ යෝජනාවකින්. විවාහ වෙන්න කලින් සුමාලි පෞද්ගලික ආයතනයක සේවය කළා. විවාහයෙන් පසුව ඇය ගෙදර නැවතුණේ.දැන් අපි ඉන්නෙ මගේ දෙමාපියන් සමඟයි. අපි විවාහ වෙලා ටික කාලයක් ඉතා සතුටින් සිටියත් ටිකෙන් ටික බිරියට මාව රුස්සන්නැතුව ගියා. මගෙ අම්මා එයාට හරි ආදරෙයි. නමුත් පසුව සුමාලිට අම්මාවත් පේන්න බැරුව ගියා.
දැන් අපේ ගෙදර නිතරම රණ්ඩු. සුමාලි නිතරම ඉන්නෙ හරිම කලකිරීමෙන්. නිතරම එයාට කේන්ති යනවා. මම කිසි දවසක එයාට ගහලා බැණලා නෑ. මට කාර්‍යාලෙ වැඩක්වත් කරගන්න බෑ. මානසිකව වැටිලයි ඉන්නෙ. මට තව එක දෙයක් කියන්න ඕනෙ. සුමාලි හොඳ චරිතවත් කෙනෙක්.කවදාවත් වෙන කෙනෙක් එක්ක පටලැවිලා නෑ. එයා නිතරම කියනවා දික්කසාද වෙන්න ඕනෙ කියලා. එයා මගෙන් දික්කසාද වුණෙත් මට ලෝකෙට මූණ දෙන්න බැරුව යනවා. අනේ මංදා මං මොනව කරන්න ද කියලා.” සුදත්ගේ කතාවට බාධා නොකරමින් තව තවත් කරුණු සොයා ගැනීමට උත්සාහ කළෙමු.
ඔවුන්ට සතුටින් ජීවත් වීමට අවශ්‍ය සියල්ලක්ම පාහේ භෞතික සාධක තිබෙන බව අපට හැඟී ගියේය. ඔහුගේ කතාවේ රෝග ලක්‍ෂණ සඳහන් වුවද නිශ්චිතවම කරුණු සොයා ගැනීම අපහසු විය. පසුව අප හා කතාබහට එන්නේ සුමාලිය. ඇයගේ කතාව ආරම්භයේම පැවසුවේ සුදත් ඉතා හොඳ පුද්ගලයකු බවත් මත්පැන් මත්ද්‍රව්‍ය දුරාචාර වලින් තොර සාමකාමී පුද්ගලයෙකු බවත්‍ය.
“ඉතින් ඔය කියන තරම් එයා හොඳ නම් නිතරම රණ්ඩු කරමින් දික්කසාද වෙන්න හදන්නෙ.” අපි සුමාලිගෙන් විමසුවෙමු. එම ප්‍රශ්නය ඔස්සේ තව තවත් කරුණු කියන්නට ඇය ඉදිරිපත් වූවාය.“දැන් එයා හරි වෙනස් වෙලා. හැමදාම වැඩ ඇරිලා ගෙදර එන්නෙ රෑ වෙලා. යාළුවො එක්ක ඉන්නවා. එහෙම නැත්නම් මහ ගෙදර ඉඳලා. රූපවාහිනිය බලලා ගොඩක් රෑ වෙලා තමයි එන්නෙ. සමහර විට එයා ගෙදර එනකොට මම නිදි.
ආයි එයා උදේ වැඩට යනවා. නිවාඩු දවස් වලටත් මොනවා හරි වැඩක් දාගෙන රෑ වෙලා තමයි ගෙදර එන්නෙ. ඇය අප හා පැවසූ තොරතුරු අනුව ඇය පවසා සිටියේ ඇය විවාහ වුවද තවමත් කන්‍යාවක බවයි.සුදත් විවාහ වූ දිනයේ සිට ලිංගික ක්‍රියාවලියේ දී අසාර්ථක වූ අතර දිනෙන් දිනම එසේ සිදු වූ බවත් එම වරද තමා හට පවරා තමාව මඟ හැර සිටීමට උත්සාහ දරන බවත් ඇය කියා සිටියාය. ඔහු ප්‍රමාද වී නිවසට පැමිණෙන්නේ ද සුමාලිව මඟ හැරීමටය.
ඒ පිළිබඳව සුදත් ගෙන් විමසූ පසු ඔහු කියා සිටියේ සුමාලි විසින් පවසන ලද සියල්ල සත්‍යයක් බවයි. මේ පිළිබඳව කියා උපදෙසක් ලබා ගැනීමට කෙනෙකු සෙවූ බවත් ඔහු කියා සිටියේය.තමා සුමාලි සමඟ මධුසමය දා එක් වීමට ගත් උත්සාහය ද අසාර්ථක වූ අතර දිගින් දිගටම එම තත්ත්වය ඇති වූ බව ඔහු තව දුරටත් කියා සිටියේය. තමාට ඒ පිළිබඳව අවශ්‍යතාව ඇති වුවද එම ක්‍රියාවලියේ යෙදීමේ දී එය අසාර්ථක වේදැයි බියක් හට ගන්නා බවත් ඔහු පැවසීය.
ඇත්ත වශයෙන්ම අප්‍රාණිකත්වය ඇති වීම සාමාන්‍ය දෙයකි. ජීවිතයේ එක් වාරයකදී හෝ ඕනෑම පිරිමියකුට එම තත්ත්වයට මුහුණ දීමට සිදු වේ. එම තත්ත්වය දිගින් දිගටම පවතීනම් එම ක්‍රියාකාරීත්වයේ භීතිකාවක් Pරොපොමන්ස් ආන්xඉඑත්‍ය් ඇති කර ගනී. පුර්‍ෂයන් වධ විඳින ප්‍රධාන ලිංගික ගැටලු වන්නේ ලිංගික අප්‍රාණිකත්වය හා ක්‍ෂණික මෝචනයයි.
එම රෝගී තත්ත්වයන් බොහෝ විට ශාරීරික දුර්වලතාවයක් නිසා නොව මානසික දුර්වලතාවයක් නිසා ඇති වේ. එවිට එම තත්ත්වයෙන් මිදීමේ හැකියාව ඔබ සතු වේ. මෙහිදී හොඳින් තේරුම් ගත යුත්තේ පුරුෂයන්ට මෙම තත්ත්වය ඇති වන්නේ ඔවුන් වයසට යෑම නිසා නොවන බවයි.මෙවැනි තත්ත්වයකට පත් වූ පුද්ගලයන් සුදුසු වෛද්‍යවරයකු උපදේශකවරයකු හමු වී එම තත්ත්වය ඇති වීමට හේතුව නිසි අයුරින් සොයාගෙන ප්‍රතිකාර ගත යුතු වේ.
එවැනි ලිංගික ආබාධ ඇති වීම සඳහා යම් කිසි ශාරීරික රෝගයක් හා ඔබගේ චර්‍යාවන් ද බලපායි. දියවැඩියාව, අධි රුධිර පීඩනය, අධික තරබාරුව, දුම්පානය, මත්ද්‍රව්‍ය ගැනීම, මේවාට අමතරව බලපා හැකි අනෙක් ප්‍රධාන කාරණය වනුයේ මානසික සමබරතාව බිඳී යෑමයි. ඔබ මානසික ආතතියකට ලක් වූ විට එසේ සිදු වේ.නමුත් බිය නොවන්න. නොයෙකුත් දියුණු ශිල්පී ක්‍රම භාවිතයට ගනිමින් සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙකු ගෙන් හා උපදේශකවරයකු ගෙන් උපදෙස් ලබා ගනිමින් ඒ අනුව ක්‍රියා කළහොත් හොඳ ලිංගික පෞරුෂයක් ඇති කර ගත හැකිය. ඊට මඟ පාදන සෞඛ්‍ය පුරුදු රැසක් ඇත.
දුම් බීමෙන් වැළකීම, මත්පැන් පානයෙන් හා මත්ද්‍රව්‍ය වලින් වැළකීම, නිසි ව්‍යායාමවල යෙදීම, උසට සරිලන බර සිරුරේ පවත්වාගෙන යෑම, අධික මේද හා සීනි සහිත ආහාර ගැනීමෙන් වැළකීම, සැහැල්ලු මනසක් පවත්වාගෙන යෑම.අප කතා නායකයා වූ සුදත්ට ඇති වූ රෝගී තත්ත්වය ද එවැන්නකි. තමා අසාර්ථක වේයැයි සිත තුළ ඇති වන බිය නිසා ඇති වන ප්‍රොෆෝමා ඇන්ටයිටීස් තත්ත්වයයි.
අපි ඔහුව මෝහන නිද්‍රාවකට පත් කර ඔහුගේ එම සිදුවීම හා සම්බන්ධ සියලු දේ ඔහුගේ මනසින් ඉවත් කිරීමට කටයුතු සලස්වීමු. සිතේ තැන්පත් වූ යම් අසුබවාදී සිතිවිලි මත එවැනි ලිංගික ගැටලු ඇති වුවහොත් එය මෝහන ක්‍රමයක් මඟින් සම්පූර්ණයෙන්ම සුවපත් කළ හැකිය. සුදත් මෙම උපදේශනවලින් උපරීම ප්‍රයෝජන ලබා ගත්තේය. දැන් සුදත් හා සුමාලි හොඳ පවුල් ජීවිතයක් ගත කරයි.
මනෝ විද්‍යා උපදේශක
මේජර් සුසන්ත ද සිල්වා (විශ්‍රාමික)