17.1 C
London
Thursday, November 13, 2025
spot_img

19 න් අපිට ලැබෙන්නේ මොනවාද?

ඊයේ සම්මත වු 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් සිදුවන්නේ කුමක්ද? යන්න බොහෝ දෙනෙක් තුළ ඇති ගැටළුවකි.මෙමඟින් විධයක බලතල අඩු කළ බව කියවුනද රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන කරුණු රැසක් ඉටුවෙයි.

සෑම පුරවැසියකුටම රජයේ ආයතනයක පුරවැසි අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමෙහිලා සහ සුරක්ෂිත කිරීමෙහිලා අවශ්‍ය තොරතුරු වෙත ප්‍රවේශවීමේ අයිතිය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු වීම මගින් ජනතා පරමාධිපත්‍ය තහවුරු වීම.

ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම.

1. මැතිවරණ කොමිෂන් සභාව

2. රාජ්‍ය සේවා කොමිෂන් සභාව

3. ජාතික පොලිස් කොමිෂන් සභාව

4. විගණන සේවා කොමිෂන් සභාව

5. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව

6. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

7. මුදල් කොමිෂන් සභාව

8. සීමා නිර්ණය කොමිෂන් සභාව

9. ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව

10. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

11. රාජ්‍ය භාෂා කොමිෂන් සභාව

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව මගින් රජයේ ආයතන විසින් භාණ්ඩ සහ සේවා ප්‍රතිසම්පාදනය කිරීම පිළිබඳ සාධාරණ, යුක්තිසහගත, විනිවිද‍ පෙනෙන සුළු තරගකාරී සහ වියදම් සඵලතාවයකින් යුත් පටිපාටි සකස් කිරීම එහි සුවිශේෂි අවස්ථාවක් වේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles