Wednesday , 22 January 2025

හොඳම දේශපාලඥයා බුදුන් වහන්සේයි – ගීතා

මෙලොව හොඳම දේශපාලනය ඉදිරිපත්කල පුද්ගලයා බුදුන් වහන්සේ යයි බෙන්තර ඇල්පිටිය ශ‍්‍රීලනිප සංවිධායිකා ප‍්‍රවීණ නිලි ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

ගාල්ල ප‍්‍රදේශයේ කාන්තා වැඩසටහනකට සහභාගී වෙමින් ඇය මෙසේද කීවාය.

‘අපේ බුදුපියාණන් වහන්සේ තමයි හොදම දේශපාලනය ඉදිරිපත් කළ කෙනා. අද ඉන්න බොහෝ දේශපාලකයින්ට දවසකට හත්අට වතාවක්වත් පන්සිල් ගන්නවා නම් හොදයි. හොද මොකක්ද නරක මොකක්ද කියලා දන්න දැනෙන දේශපාලඥයින් අතළොස්සක් ඉන්න රටක ත‍්‍රස්තවාදී දේශපාලඥයින් ජනතා නියෝජිතයෝ කරන්න එපා. එහෙම කරෝතින් ඒක රටට කරන ලොකු අපරාධයක්.

මේ රටේ වැඩිපුරම ඡන්දය දෙන්නේ කාන්තාවන්. මේ රටේ රජය හදන්නේ කාන්තාවන් නමුත් එම කාන්තාවන්ට අද සැබෑ නිදහසක් සැබෑ අයිතිවාසිකමක් තිබේද යන්න සැකයක්. කාන්තාව දේශපාලනයට ආවත් වෙනත් රැකියාවකට ගියත් කාන්තාවට ත‍්‍රස්තවාදීන්ට වගේ පහර දෙන අය එන්න එන්නම වැඩි වෙලා තියෙනවා. ඒ දේවල් කරන්නේ හැම පිරිමි කෙනෙක්ම නොවුණත් කලින් පැවසූ ත‍්‍රස්තවාදීන් නිසා සැබෑ පිරිමින්ටත් අපහාසයක් සිදු වී තිබෙනවා.

ප‍්‍රාදේශීය දේශපාලඥයින් නිසා හිරිහැරයට ලක්වුණු කාන්තාවන් විශාල ප‍්‍රමාණයක් සිටිනවා. ඒ අතර බොහෝ අය පොලීසියට උසාවියට යන්නේ නෑ. ඔවුන් පොලීසියට උසාවියට යන්න බයයි. ප‍්‍රාදේශීය දාමරික දේශපාලනයට එරෙහි වෙන්න, නැගී සිටින්න එහෙම නොකෙරුනෝතින් අනාගතයේදී එන්න එන්නම මේ තත්ත්වය දරුණු වෙනවා. මා දේශපාලනයට ඇවිත් ඉන්න නිසා මට තේරෙනවා මේ ත‍්‍රස්තවාදීන්ගේ සැලසුම් ඔවුන් හදන්නේ කෙසේ හෝ කාන්තාව පාගා දමන්න.

lankaCnews

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...