17.1 C
London
Thursday, November 13, 2025
spot_img

සාමණේර නමකට අතවර කරන්න ගිය අයෙකුට දෙවියන් ගෙන් දඩුවම්

මැදගම විහාරයක සාමණේර හිමිනමකට ලිංගික අතවරයක්‌ කිරීමට තැත් කිරීමේදී හිමිනම කෑ ගැසීම නිසා බියට පත්වී දිවගිය පුද්ගලයකු 4 දා අලුයම විදුලි සර වැදීමෙන් මියගොස්‌ ඇත.

මියගිය පුද්ගලයා වැල්ලවායේ පදිංචි සුජීව නමැති අය බවත් විහාරස්‌ථානයේ නවාතැන් ගැනීමට පැමිණ ඇති බවත් විහාරාධිපති ස්‌වාමීන් වහන්සේ පවසා තිබේ.

අපරාධකරු විහාරස්‌ථානයේ සාමණේර හිමිවරුන් සැතපෙන කාමරය අසළ නිදාගෙන ඇත. රාත්‍රියේදී ඔහු නින්දෙන් අවදිවී හිමිනමකට ලිංගික අතවර කිරීමට සැරසෙද්දී හිමිනම කෑගසා ඇත. විහාරාධිපති ස්‌වාමීන් වහන්සේලා අවදිවී බලන විට සැකකරු දිවගොස්‌ ඇත. විහාරස්‌ථානයේ විදුලි රැහැනක පැටළුණු ඔහු විදුලිය වැදී වැටී එතැනම මියගොස්‌ ඇත. මෙතෙක්‌ ඔහු කාගේ කවුරුන්දැයි නිශ්චිත ලෙස හඳුනාගෙන නැත. මැදගම පොලිසියේ උ.පො.ප. ගුණතිලක මහතා පරීක්‍ෂණ මෙහෙයවයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles