බියගම විලේජ් මුදලාලි ඝාතනය වසන් කළ එස්එස්පී සහ අයිපී අත් අඩංගුවට.

-බියගම විලේජ් අධිපති කෝටිපති ව්‍යාපාරික බර්නාඩ් ජයරත්න මහතා කපා කොටා ඝාතනයේ සැකකරු වසන් කිරීමට ආධාර අනුබල දුන්නැයි යාපනය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වීරසිංහ පතිරණලාගේ විමලසේන සහ ඇල්පිටිය කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ආනන්ද රාජකරුණා යන උසස් පොලිස් නිලධාරීන් දෙදෙනා අද(27) රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

ඝාතනය සිදුකරන කාලයේදී මෙම නිලධාරීන් දෙදෙනා එස්ටීඑෆ් එකට අනුයුක්තව සේවය කර ඇත. 2012 පෙබරවාරි 20 වෙනිදා බියගම විලේජ් අධිපති බර්නාඩ් ජයරත්න මහතා දොම්පේදී ඝාතනය කරන ලද අතර එයට සම්බන්ධ ජයරත්න මහතාගේ පුත්‍රයාට ඉහත කී පොලිස් නිලධාරීන් දෙදෙනා පුපුරන ද්‍රව්‍ය ලබා දී ඇති බවට තොරතුරු හෙළි වී තිබේ.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...