ප්‍රවෘත්ති වෙබ් අඩවි වාරණය ඉවතට (VIDEO)

-ශ්‍රී ලංකාව තුළ වාරණයට ලක්ව තිබූ ප්‍රවෘත්තිමය වෙබ් අඩවිවල වාරණ වහාම ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට උපදෙස් ලබාදී තිබෙනවා. කොළඹ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සදහන් කළේ වාරණයට ලක්කර තිබූ පක්‍ෂ විපක්‍ෂ වෙබ් අඩවි සියල්ලටම අද සිට සිය කටයුතු ශ්‍රී ලංකාව තුළ නිදහසේ කර ගෙන යාමට අවස්ථාව හිමිවන බවයි.

වෙබ් අඩවි සම්බන්ධයෙන් තිබෙන තහනම මං හිතන්නේ අද වන විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විදුලි සංදේශ නියාමක කාර්යාංශයට නියෝග කර තිබුණා පක්ෂ විපක්ෂ සියලූම වෙබ් අඩවියන්ට ඔවුන්ගේ ප්‍රවෘත්ති ලබාදීම කටයුතු නිදහසේ කරගෙන යන්න අවස්ථාව ලබාදෙන ලෙස නියෝග කර තිබෙනවා.

ජනාධිපතිවරණය පැවති ජනවාරි 8 වනදා රට තුළ පොදු වේදිකාවක් නිර්මාණය වූ බවද මංගල සමරවීර මහතා මෙහිදී ප්‍රකාශ කළා.

ඒ වේදිකාව තුළින් උතුර දකුණ යා වුණා. නැගෙනහිර බස්නාහිර එකතු වුණා. මධ්‍යම පළාත එකතු වුණා. කාලයකට පස්සේ ආගමක්, ජාතියක්, පාටක් නැති, කුලයක් නැති වේදිකාවක් මෙරට ඇති වුණා. මම හිතන්නේ යුද්ධය ආරම්භ වීමෙන් පසුව මේරටේ ශ්‍රී ලාංකීය වේදිකාවක් ඇති වුණා. මෙය සිංහල බෞද්ධ වේදිකාවත් නෙවෙයි, දෙමළ වේදිකාවත් නෙවෙයි, මුස්ලිම් වේදිකාවත් නෙවෙයි, වතුකරයේ ජනතාවගේ වේදිකාවත් නෙවෙයි, ක්‍රිස්තියානි වේදිකාවත් නෙවෙයි. ශ්‍රී ලාංකිකයන්ගේ අනන්‍යතාවය සහතික කරපු ඒ ජාතික වේදිකාව සති හතරක් වැනි කෙටි කාලයක් තුළදී මේරට තුළ මහා බලවේගයක් බවට පත් වෙලා ඒ බලවේගය හරහා පසුගියදා 8 වැනිදා පැවැති ඡුන්දයෙන් අපි නොහිතපු විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත්තා.

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...