17.1 C
London
Thursday, November 13, 2025
spot_img

BMICH හි අවි ගබඩාවකට සීල්(VIDEO)

-කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තබා ගැනීමට ටී පනස් හය ගිනි අවි 2300 ක්, 84 එස් – 670 ක්, එල්ජීඑම් 385 ක්, බෝර 12 රිපීරට 79 ක් ඇතුළු ආයුධ 3473 ක් තබා ගැනීමට අවසර ලබා දී තිබුණ ද අධිකරණ නියෝග මත එය විවෘත කර පරීක්ෂා කිරීමේ දී ටීපනස් හය ගිනි අවි 44 ක්, 84 – එස් ගිනි අවි 35 ක්, අල්ජීඑම් 32, බෝර 12 රිපීටර 29 ඇතුළු ගිනි අවි 151 ක් පමණක් හමු වී ඇත.
ඒ අනුව අවි 3322 ක් එහි නොවූ බවත්, ඒවා විවිධ රාජකාරි සඳහා නිකුත් කර ඇති බව එම සමාගමේ නිලධාරීන් පොලිසියට දැන්වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.
නිකුත් කර ඇති ගිනි අවි හා පතුරම් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරන බව ද ඒ මහතා පවසයි.
ජාතික හෙළ උරුමයේ කොට්ටේ නාගරික මන්ත්‍රී ලියනගමගේ දයාරත්න මහතා එම ගබඩාවේ නීති විරෝධී අවි ඇතැයි පොලිසියට කළ දැනුම් දීමක් අනුව කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතා සහ කුරුඳුවත්ත ප්‍රධාන පොලිස් පරීඛ්ෂක දෙල්ගහපිටිය මහතා ඇතුළු කණ්ඩායමක් එම අවි ගබඩාවට සීල් තබන ලදී.

අවි ගබඩාවේ තිබූ ගිනිඅවි තොගය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles