රෂිනි මෙන්ඩිස්
බොදු බලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ඇමෙරිකා වීසා අත්හිටුවීමට ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙරට ඇමෙරිකා තානාපති කාර්යාලයට මේ බව දැනුම් දී ඇති අතර තානාපති කාර්යාලයේ නීතිඥ නිලධාරියා විසින් තමන්වහන්සේට ඇමෙරිකාවට ඇතුළු විය නොහැකි බව පවසා තම වීසා අත්හිටුවූ බව දන්වා සිටි බව මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කීහ.
වීසා අත්හිටුවීමට නිශ්චිත හේතුවක් නොදන්වා ඇතත් මුස්ලිම් අන්තවාදීන්, ජිහාඩ් කණ්ඩායම් හා විවිධ අන්තවාදීන් ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවට විවිධ වාර්තා යවා ඇති අතර තමන්වහන්සේ ත්‍රස්තවාදියකු ලෙස සලකා මේ පියවර ගන්නට ඇතැයි උන්වහන්සේ පැවැසූහ.