” මහින්ද ගැන හිතද්දි මතක්වෙන්නේ නොහික්මුණු රජෙක් “

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැරදීමෙන් පසුවද නැවත නැවතත් වැරදි පාරේම ගමන් කරන්නේනම් තමාට කළ හැකි දෙයක් නොවන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

හිටපු ජනාධිපතිවරයා ප්‍රංශ පුවත් සේවයට අදහස් දක්වමින් බොදුබල සේනා සංවිධානය, බටහිර සමග එකතුවී තමාව පරාජය කරන්නට කටයුතු කළ බවට පවසා ඇති වග උන්වහන්සේ සිහිපත් කළේය.

එසේ බටහිර සමග කුමන්ත්‍රණ පැවතියේ නම් තමාගේ නිල කාලය තවත් වසර දෙකක් තිබියදී ඉල්ලන් කෑවේ මන්දැයි ඥානසාර හිමි ප්‍රශ්න කරනු ලැබුවේ අද(28)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මහින්ද ගැන සිතන විට නොහික්මුණු රජෙකු පිළිබඳ තමන්ට මේ මොහොතේ සිහිපත් වන බවත්,මහසෙන් රජු කලෙක උද්ධච්ඡ කමින් යුතුව රාජරාජ මහාමාත්‍යාදීන්,පුරෝහිතයන් දෙන උපදෙසක් පිළිනොගෙන අත්තනෝමතිකව කටයුතු කරද්දී ඔහු ළඟම සිටි සෙන්පතියෙකු යුද ප්‍රකාශ කළ බවත් ඥානසාර හිමි සිහිපත් කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහතාද එකී සෙන්පති ලෙස ක්‍රියා කළ අයෙකු බව උන්වහන්සේ මෙහිදී පැහැදිලි කළේය.

එසේ වුවද බොදුබල සේනා සංවිධානයට කුමන අවලාදයක් නැඟුවද රට බේරාගත් නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාට සැමදා ගරු කරන බව ඥානසාර හිමි පෙන්වා දුන්නේය.

වතු කරයේ දෙමළ ජනයා කුමන ප්‍රශ්න තිබුණත්තොණ්ඩමාන්ගේ නායකත්වයට ගරුකරන බවත්,සිංහල අපට එවැනි නායකයෙකු නොමැති බවත් එහිමියන් අවධාරණය කළේය.

මින් ඉදිරියට බොදුබල සේනා සංවිධානය කිසිදු පක්ෂයක නායකයින් වෙනුවෙන් පෙනී නොසිටින බවත්,තරුණ පරම්පරාවට තමන් කෙරෙහි තැබූ විශ්වාසය ඉදිරියටත් තබාගන්නා ලෙස බලකරන බවත් උන්වහන්සේ කියා සිටියේය.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...