Thursday , 22 February 2024

කරදර කරන නිසා ගුරුවරයා මරලා

බගවන්තලාව, බොගවාන වතුයායේ ද්‍රවිඩ පාසලක ගුරුවරයෙක් තියුණු ආයුදයකින් ඇණ ඝාතනය කර තිබේ

අද අළුයම 5ට පමණ ඔහුගේ නිවසේදී මෙම ඝාතනය සිදුකර ඇත.

ඔහු වැටී බෝතලයක් ඇණී මෙම මරණය සිදු වූ බවට පවසමින් සැකකරු විසින් බගවන්තලාව රෝහලට ඔහුගේ සිරුර බාරදීමේදී ඒ පිළිබ`ද සැක සිතූ බගවන්තලාව දිස්ති‍්‍රක් වෛද්‍ය නිලධාරී ඒ.ඒ.කේ. ජයසූරිය මහතා මේ පිළිබඳව පොලිසිය වෙත කරන ලද දැනුම් දීමක් මත පොලිස් පරීක්‍ෂණ ආරම්භ කෙරිණ.

මෙසේ මියගොස් ඇත්තේ පී. නවනීදන් නැමති බගවන්තලාව ආරියපුර පදිංචි 43 හැවිරිදි විවාහක අයෙකි.

සිය සහෝදරයා සහ පවුලේ අය සමඟ නිවසේ සිටින අවස්ථාවේ බීමත්ව නිතර නිතර පවුලේ අයට හිරිහැර කරන නිසා සහෝදරයාගේ වෙළඳ සැලේ සේවය කරන සේවකයෙකු විසින් ඔහු මෙසේ ඝාතනය කර තිබේ.

ඝාතනය සිදුකිරීමෙන් පසු පොලිසිය නොමඟ යැවීම සඳහා සැකකරු ඇඳසිටි ලේ තැවරුණු ඇඳුම් සෝදා දැමීමට ඔහු කටයුතු කර තිබුණි.

ඝාතනයට යොදාගත් උල් පිහියක්ද බගවන්තලාව පොලිසිය විසින් සොයාගෙන ඇත.

මෙම මියගිය අය බීමට ඇබ්බැහි වූ අයෙකු බවත්, මොහු බිරිඳගෙන් වෙන් වී සිය සහෝදරයාගේ නිවසේ ජීවත් වූ බවත් පොලිසිය පවසයි.

unnamed

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...