බොරලැස්ගමුව පොලිසිය උණුසුම් – කැරැළි මර්ධනයත් කැඳවයි (VIDEO)

0
105

-බොරලැස්ගමුවේ වැඩ බිමක වැඩ කිරීමට සිවිල් ආරක්ෂක බලකායේ පිරිසක් අකමැතිබව කීමට එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා බොරලැස්ගමුව පොලිසියට ගිය අවස්ථාවේ ඇතිවූ ගැටුමක් උත්සන්නවීමෙන් කැරළි මර්ධන ඒකකය ද බොරලැස්ගමුව පොලිසියට කැඳවා ඇත. සිද්ධිය සමථයකට පත්කැර ගැනීමට හැකිදැයි සොයා බැලීමට පොලිසිය ඇතුළේ සාකච්ඡාවක් ද පැවැත්වෙයි.

පළාත් මන්ත්‍රී පාදුක්ක මහතා පවසන්නේ පොලීසියේ කෙනෙකු තමා හා අධාරකරුවන් තල්ලුකැර දැමූ බවයි. ඇදවැටුණු කිහිප දෙනකු තුවාල ලැබූ බව ද ඔහු කියයි.

පොලිසිය පවසනුයේ පළාත් සභා මන්ත්‍රී පොලිස් කොස්තාපල්වරයකුට මුලින් පහර දී පොලිස් නිලධරයකුගේ කොලරයකින් ද ඇල්ලූ බවයි.

ඒ කතා සම්පූර්ණයන් ම වැරදි බව පළාත් මන්ත්‍රීගේ නීතීඥයෝ පොලිසියට කරුණු දක්වති.