Wednesday , 22 January 2025

වැරදි ඉංග්‍රීසී පාඩමක් කියා දුන් ගුරුවරයෙක්

බාලවයස්කාර පාසල් සිසුවකු අපහරණය කර බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ තරුණ ඉංග්‍රීසි ගුරුවරයකුට වසර 13ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා නියම කෙළේය.

විත්තිකරු වර්ෂ 2006 ජුලි මස 15 වන දින හෝ ඊට ආසන්න දිනයකදී පලුගස්වැව විදුහලක දෙවැනි ශ්‍රේණියේ ඉගනුම ලබමින් සිටිය 7 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවකු එම දිනයේදීම අවස්ථා දෙකකදී දරුවාට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වින්දිත දරුවා මවුපියන්ට පැවැසීමෙන් අනතුරුව ඔවුන් විසින් හඹරණ පොලීසිය වෙත කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. චෝදනා 3ක් යටතේ විත්තිකරුට නඩු පවරා තිබුණු අතර එහි පළවන චෝදනාව වන නීත්‍යායානුකූල භාරකාරත්වයෙන් බාලවයස්කාරයකු අපහරණය කිරීමේ චෝදනාව මත වසර 7ක බරපතළ වැඩ සහිත සිදුර දඩුවමකුත් බරපතල ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ වරදට වසර 13 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක්ද විනිසුරුවරයා නියම කෙළේය.

නියම කළ සිර දඬුවම එකවර ගෙවී යන ලෙස ලබා දුන් විනිසුරුවරයා, චෝදනා දෙකට රුපියල් පන්දහස බැගින් රුපියල් දසදහසක දඩ මුදලකුත්, වින්දිත පාසල් සිසුවාට රුපියල් එක්ලක්ෂ 50 000ක වන්දි මුදලක්ද ගෙවන ලෙස ද දඩ සහ වන්දි මුදල් නොගෙවන්නේනම් මාස 18ක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් නියම කළ විනිසුරුවරයා එම සිර දඬුවම ලබා දුන් සිර දඬුවමට අමතරව ගෙවා දැමිය යුතු බව නියෝග කෙළේය.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...