11.1 C
London
Wednesday, April 30, 2025
spot_img

බිරිද මැරූ පුත්තලම යුද හමුදා කඳවුරේ බලසේනාධිපති බ්‍රිගේඩියර්ට මරණ දඩුවම නියම වෙයි

තම රාජකාරී පිස්‌තෝලයෙන් බිරිඳට වෙඩි තබා මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් ගම්පහ මහාධිකරණයේදී වරදකරු බවට පත් වූ පුත්තලම යුද හමුදා කඳවුරේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දොන් චන්දන රූපසිංහ යන අයට ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලී වික්‍රමසිංහ මතුරට මහත්මිය ඊයේ (13දා) මරණ දඬුවම නියම කළාය.

2007 නොවැම්බර් 23 දා හෝ ඊට ආසන්න දිනක මාකොළ දෙමහල් නිවසේදී උඩුමහලේ නිදන කාමරයේදී සිය බිරිඳ වූ තවිලක්‍ෂිත පණ්‌ඩිත් කෝරලලාගේ තේජානි රූපසිංහ. නමැති දෙදරු මව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකාර බ්‍රිගේඩියර්වරයාට මෙසේ මරණ දඬුවම් නියම කෙරිණි.

මෙම සිද්ධිය සම්බන්ධ නඩුවේදී අවසන් වරට විත්තිය විසින් කැඳවන වෛද්‍ය සාක්‍ෂිය අධිකරණය බැහැර කරන බවද මෙම නඩුවේදී ඉදිරිපත් වී ඇති වෙනත් සාක්‍ෂි අනුව විත්තිකරු මෙම වරද කර ඇති බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇතැයිද එබැවින් දණ්‌ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ දඬුවම් නියම කරන බවද මරණ දණ්‌ඩනය නියම කිරීමට මොහොතකට පෙර විනිසුරුවරිය කීවාය.

විත්තිකරුට මේ සම්බන්ධයෙන් යම් ප්‍රකාශයක්‌ කිරීමට අවසන් වශයෙන් අවස්‌ථාව ඇතැයි විනිසුරුවරිය කී විට ” ස්‌වාමිනී මම නිවැරැදියි. අධිකරණ නියෝගය මම භාරගන්නවා. නමුත් මම නිවැරදි කරු බිරිඳමයි වෙඩි තියාගත්තේ අවම වශයෙන් අත්වැරදීමක්‌ වෙලාවත් බිරිඳ වෙඩි තියාගන්න විට අවිය උදුරගන්න මට බැරිවුණා. මම නිර්දෝෂීයි ස්‌වාමිනී” යෑයි කීවේය.

ජනාධිපතිවරයා නියම කරන දිනයකදී එල්ලා මරා දැමීමට විත්තිකරු වැලිකඩ බන්ධනාගාරයට යෑවීමට මහාධිකරණ විනිසුරු පියසීලී වික්‍රමසිංහ මතුරට මහත්මිය නියෝග කළාය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles