14.3 C
London
Sunday, December 7, 2025
spot_img

රෝගීන් මිය යන බව කලින් තීන්දු කරන බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන්ට පවුම් 50ක තෑග්ගක්

බ්‍රිතාන්‍ය රෝහල්වල ඇඳන් තදබදය අවම කිරීම සඳහා යම් රෝගියෙකු මිය යන බව කලින් තීරණය කරන වෛද්‍යවරයෙකුට පවුම් 50ක ත්‍යාග මුදලක් ලබාදෙන බව වාර්තා වේ.

මේ යටතේ වසරක් තුළ මිය යන බව තීරණය කරන රෝගීන්ගෙන් තමන් මියයාමට කැමති ස්ථානය විමසා බලන අතර ඔවුන් නිවස තුළ ප‍්‍රතිකාර සහිතව රඳවනු ලැබේ. විචාරකයන් පවසන්නේ මෙය බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවයේ වියදම් කප්පාදු කිරීම සඳහා ගනු ලැබූ පියවරක් බවයි.

සෞඛ්‍ය සේවයට අයත් රෝහලක් තුළ වාර්තා වන මරණයක් සඳහා ස්ටර්ලිං පවුම් 3065ක් රජයට වැය වන අතර රෝහලෙන් පිටත සිදුවන මරණයකදී වැය වන්නේ පවුම් 2107ක් පමණක් බව පැවසේ.

මේ අනුව මෙම ව්‍යාපෘතිය මගින් රෝහලෙන් පිටත සිදුවන එක් මරණයක් මගින් පවුම් දහසක් රජයට ඉතිරි වේ. මේ හා සමාන නියමු ව්‍යාපෘතියක් නැගෙනහිර එංගලන්තයේ ඉප්ස්විච් සහ නැගෙනහිර සෆොල්ක් ප‍්‍රදේශවල 2011 ජුලි මස සිට පසුගිය මස දක්වා ක‍්‍රියාත්මක කර ඇති අතර ජීවිතයේ අවසන් කාලය ගත කිරීම සඳහා නිවසට යැවූ සෑම රෝගියකුටම පවුම් 50ක් බැගින් වෛද්‍යවරයා වෙත ප‍්‍රසාද දීමනාවක් ගෙවා තිබේ.

වෛද්‍ය ආචාරධර්ම සන්ධානයේ වැඩබලන සභාපති වෛද්‍ය ඇන්තනි කෝල් පවසන්නේ මෙය හුදු මුදල් වුවමනාවක් සඳහා ක‍්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් බවයි.

මෙමගින් යම් රෝගියකුට ලැබිය යුතු ප‍්‍රතිකාර නොලැබී යන්නට ඉඩ ඇති බව ඔහුගේ අදහසයි. මේ අතර නිවසේ සිට රෝගීන් රැක බලාගන්නා පුද්ගලික ආයතන සඳහාද ජාතික සෞඛ්‍ය සේවාව මගින් පවුම් මිලියන 12ක් පමණ ලබාදී හෝ දීමට නියමිත බව පැවසේ. ඇතැම් වෛද්‍යවරුන්ගේ මතය වන්නේ රෝහල් වල ඇති පහසුකම් හිගයටද මෙමගින් ආවරණයක් ලබාගැනීම බලධාරීන්ගේ බලාපොරොත්තුව බවයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles