13.1 C
London
Friday, November 14, 2025
spot_img

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට පත්වු ශ්‍රිලංකිකයා මෙන්න

බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට තරඟ කළ ශ්‍රී ලංකාවේ උපත ලද රනිල් ජයවර්ධන මහතා එක්සත් රාජධානියේ ඊසානදිග හැම්ෂයර් ආසනයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරි පත් වෙයි.

ජයවර්ධන මහතා ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව 35573 කි. එය මුළු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 65.9 % කි.

ඔහුට එරෙහිව තරග කළ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ Graham Cockarill ලබාගත්තේ ඡන්ද 5657 ක් පමණි.

එක්සත් රාජධානි ස්වාධීන පක්ෂයෙන් තරගවැදුනු Robert Blay නැමැත්තා මීට පෙර රනිල් ජයවර්ධන මරා දැමීමට තර්ජනය කරමින් වීඩියෝවක් නිකුත් කර තිබුණි. එම සිද්ධිය හේතුවෙන් ඔහු පක්ෂ තහනමකට ලක්විය.
කෙසේ වුවද ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 4,732 කි.
මේ අතර මැතිවරණය සඳහා තරගවැදුණු අනෙක් ශ්‍රී ලාංකිකයන් දෙදෙනා ජයග්‍රහණය කිරීමට අපොහසත් වී ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles