Saturday , 7 September 2024

බ්‍රිතාන්‍ය ජාතිකයාගේ ඝාතනය: තංගල්ල ප්‍රා. සභාපති නිවැරදිකරු ලු

2011 වසරේ දෙසැම්බර් 25 වන දා තංගල්ලේ හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික කුරම් ෂෙයික් නමැත්තා ඝාතනය කිරීම සහ ඔහුගේ පෙම්වතිය වූ වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රා සමූහ දූෂණය කිරීම යන චෝදනා ලැබ සිටින තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් 6 දෙනා අද එම චෝදනාවලට නිවැරදිකරුවන් බව ප්‍රකාශ කෙරිණි.

ඒ, කොළඹ මහාධිකරණය හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී ය.

ඔවුන්ට විරුද්ධව චෝදනා 17ක් නගා තිබේ.

ඔවුන් චෝදනාවලට නිවැරදිකරුවන් බව ප්‍රකාශ කිරීමෙන් පසුව පෙර ඇප මත මුදා හැරීමට අධිකරණය තීරණය කළේ ය.

එක් අයෙකුට මුදලින් රු. 50000 බැගින් සහ ර. 500000 බැගින් වූ ශරීර ඇපකරුවන් තිදෙනෙකුගේ සහතිකය මත ඔවුන් මීට පෙර ඇප මත මුදා හැර තිබිණි.

ඊට අමතරව සෑම මසකදී ම අවසන් ඉරිදා දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කිරීම ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දීම සහ සාක්ෂිකරුවන්ට කිසිදු බලපෑමක් නොකිරීමේ කොන්දේසි ද විත්තිකරුවන්ට පනවා තිබේ.

මෙම කොන්දේසි උල්ලංඝණය කළහොත් ඔවුන් යළි ත් රක්ෂිත බන්ධනාගාරගත කරන බව අධිකරණය ඔවුන්ට දැන්වීය.

newsfirst

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...