බ්‍රිතාන්‍යය අගමැති ඩෙවිඩ් කැමරන් අද පස්වරුවේ හමුදා ගුවන් යානයකින් පලාලි ගුවන් තොටටත් එතැනින් යාපන නගරයටත් ගියේය.
ඔහු උතුරු මහ ඇමැති සී වී විග්නේෂ්වරන් යාපන පුස්තකාලයේදී හමුවී සාකච්ඡා ඇරැඹිය.
මහ ඇමැති හමු වීමට යද්දී යාපන නගරයේ පිරිසක් ඔහුගේ කාරය නතර කරන්නට උත්සාහ ගත්හ.
යුද සමයේ අතුරුදන් වු දු දරුවන්ගේ මව් පියන් වු ඔවුන්ට කැමරන්ගේ කාරය නතර කර ගත නොහැකි විය.එහෙත් මාධ්‍යවේදීන් ගමන් කළ රියක් නතර කර ගත හැකි විය.
බ්‍රිතාන්‍ය අගමැති උදයන් පුවත්පත් කාර්යාලයට ද ගියේය.