දුඹුරු කෙඳි අපනයන වෙළෙඳපොළේ මුල් තැනට ශ්‍රී ලංකාව.

-ශ්‍රී ලංකාවේ මුළු කෘෂි නිෂ්පාදනයන්ගෙන් ආසන්න වශයෙන් 12%ක් පමණ වන පොල් රටෙහි ප්‍රධාන ම වගාවකි. හෙක්ටයාර 395,000ක පැතිර ඇති පොල් වගාවෙන් ගෙඩි වාර්ෂික ව මිලියන 2,500ක් පමණ නිපදවේ.
දිසිඳි පොල් හා දුඹුරු කෙඳි සඳහා ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාව ප්‍රකටය. පැහැදිලි සුදු වර්ණය හා විශේෂිත රසය එය ලෝක අපනයනයේ 04 වන ස්ථානයකට ඔසවා තිබේ. දුඹුරු කෙඳි අපනයනයේ අංක එකට සිටින්නේ ශ්‍රී ලංකාවයි. පිළිවෙළින් නිපැයුම් හා ගුණාත්මක වර්ධනය, සැපයුම් වර්ධනය හා පර්යේෂණ සඳහා වගකිව යුතු රාජ්‍ය ආයතන වන්නේ පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගා කිරීමේ මණ්ඩලය හා පොල් පර්යේෂණ ආයතනය වේ.
දිසිඳි පොල් අපනයනයේ ගුණාත්මක බව රැකගැන්ම සඳහා සෑම නැව්ගත කිරීමක් ම පොල් සංවර්ධන අධිකාරිය විසින් සහතික කළ යුතුව ඇත.

Check Also

අවුල් අස්සේ – හිරුණිකාට මඟුල්

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව ...

සන්ධානය දෙදරයි – ශ්‍රිලනිපය ඉවත් වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ...