17.1 C
London
Thursday, November 13, 2025
spot_img

සිවුර ගලවා සරමක්‌ අන්දවා විහාරාධිපති හිමිට ගසා බස්‌ පොළක බැඳ දැමූ කට්‌ටිය

පන්විල, හාතලේ රෝහණ මුණසිංහාරාම විහාරස්‌ථානයට පෙරේදා (28දා) කඩාවැදුණු 28 දෙනකුගෙන් සමන්විත පිරිසක්‌ එහි විහාරාධිපති වැලිගම සුමේධ හිමියන්ට පහරදී උන්වහන්සේ ගේ සිවුරු ගලවා සරමක්‌ අන්දවා බස්‌ නැවතුම ක ගැටගසා ඇතැයි පන්විල පොලිසිය පවසනවා.

මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කළ පන්විල පොලිසිය ඊට සම්බන්ධ පුද්ගලයන් 28 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවෝ 14 දෙනෙක්‌ද පිරිමි 14 දෙනෙක්‌ද සිටිනවා. පසුගිය මාස කීපය තුළ ගමේ ඇතැම් පිරිස්‌ හා විහාරාධිපති හිමියන් අතර පවතින බහින්බස්‌වීම්
හේතුවෙන් මෙය සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරනවා.

අත්අඩංගුවට පත් සැකකරුවන් 28 දෙනා තෙල්දෙණිය මහෙස්‌ත්‍රාත් රොහාන් ජයවර්ධන මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ජුලි 03 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

පන්විල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සමන් අංගම්මන මහතාගේ උපදෙස්‌ මත උ පොලිස්‌ පරීක්‍ෂක ජිනදාස මහතා ඇතුළු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරනවා.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles