අතුරු අයවැයෙන් සහන රැසක් මෙන්ම රටේ වත්මන් ආර්ථිකයට ද ජන ජීවිතය නගා සිටුවීම සදහා ද විශේෂ පියවර ඇතුළත් අතුරු අයවැය ලේඛනයක් පාර්ලිමේන්තුවට.
එසේම අද දිනයේ ඉදිරිපත් කිරීමට නියමිත අතුරු අයවැය සම්බන්ධයෙන් ඊයේ (28) පස්වරුවේ රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී ද සාකච්ඡාවට බඳුන් වූ අතර එමෙන්ම අතුරු අයවැය පිළිබද පාර්ලිමේන්තු විවාදය ලබන මස 5 සහ 6 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත බවයි සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කරනුයේ.
ඒ අනුව ජනාධිපතිවරණයේදී ජනතාවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ දින 100යේ වැඩපිළිවෙල යටතේ දක්වා ඇති කඩිනම් සහන ලබාදීම ද අද දිනයේ සිදුකිරීමට නියමිතව ඇති අතර මීට අමතරව මෛත‍්‍රී පාලනයක් – ස්ථාවර රටක් යන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ රට නංවන ආර්ථියක් යන මාතෘකාව යටතේ සහන රැසක් පිළිබද අනාවරණය නරනු ලබයි.
රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීමට නියමිත අතර එහි පළමු කොටස ලෙස රුපියල් 5000ක් පෙබරවාරි මාසයේ සිට ගෙවීමට කටයුතු කරන බව දැක්වෙන අතර විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කෙරෙන තෙක් ඔවුන්ට රුපියල් 3500 ක මාසික අන්තර් දීමනාවක් ලබාදීමට ද යෝජිත වන අතර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතුවල පළමු ලක්ෂ 10 සදහා ගෙවන පොලිය 15% දක්වා ඉහළ දැමීමට නියමිත බව ද ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්වෙන අතර ආර්ථික අඟහිඟකම්වලින් පෙළෙන දුප්පත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මාසික දීමනාව රුපියල් 1500කින් වැඩිකිරීමට ද යෝජිත බව එහි දැක්වෙන තවත් කරුණක්.අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10ක මිල ගණන් පහත හෙලීමින් ජීවන බරින් පීඩා විදින ජනතාව ඉන් ගොඩ ගැනීම සදහා රේගු බදු ලිහිල් කිරීම ද සිදු වන අතර මාසික සමෘද්ධි දීමනාව ද උපරිම වශයෙන් දෙගුණයකින් වැඩි කර ජන සවිය වැඩසටහනට අනුරූප වන ලෙස සැකසීම ද තවත් සහනයකි.
ඒ අනූව සීනි කිලෝවක මිලද රුපියල් 10කින් අඩුවනු ඇත.
කිරිපිටි ග්‍රෑම් 400 පැකැට්ටුව රුපියල් 61කින් අඩුකරන බවද ඒ අනූව නව මිල රුපියල් 325ක් වේ.
රෝගීන් සඳහා ලබාදෙන සස්ටජන් කිරිපිටි මිල රුපියල් 100කින් අඩු වනු ඇත.
දේශීය කිරිපිටි කර්මාන්තය රැක ගන්නා බවද හෙතෙම කීවේය.
තිරිඟු පිටි ආනයන බද්ධ කිලෝවකට රුපියල් 10කින් අඩු කරන බවද ඒ අනූව පිටි කිලෝවක මිල රුපියල් 12.50කින් අඩුවනු ඇත.
පාන් ගෙඩියක මිලද රුපියල් 6කින් අඩුවේ.
මුං ඇට කිලෝවක මිල ද රුපියල් 40කින් අඩුවෙයි.
හාල් මැස්සන් කිලෝවකට පනවා ඇති රුපියල් 26 විශේෂ වෙළඳභාණ්ඩ බද්ද රුපියල් 11 දක්වා අඩු කෙරේ.
ටින් මාළු කිලෝවක් මත ආනයනය කරන විශේෂ වෙළඳභාණ්ඩ රුපියල් 102 සිට රුපියල් 50 දක්වා අඩු කිරීමට සැලසුම් කර ඇත.
කොත්තමල්ලි හා මිරිස් කුඩු සඳහා ද වෙළඳ භාණ්ඩ බදු ඉවත් කෙරේ.
එසේම කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1896 සිට 1500 දක්වා රුපියල් 300කින් අද මැදියම් රැයේ සිට අඩු වන බවද මුදල් ඇමතිවරයා කීවේය.