මැක්රේගෙන් නැවතත් බලපෑම්

-ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය නිර්භීතව තොරතුරු හෙළි කිරීමට සමත් විය යුතු බව බ්‍රිතාන්‍ය ලේකඛයෙකු හා වාර්තා චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයෙකු වන කැලම් මැක්රේ ප්‍රකාශ කර තිබෙනවා. ඔහු ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් පතට සම්මුඛ සාකච්ඡුාවක් ලබා දෙමින් ප්‍රකාශ කර ඇත්තේ ඊට අදාලව ශ්‍රී ලංකා රජයට බලපෑම් එල්ල කිරීම බ්‍රිතාන්‍ය සහ ඉන්දිය අග්‍රාමාත්‍යවරුන්ගේද වගකීමක් වනු ඇති බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ සියළු ජන කොට්ටාශ කෙරෙහි විශ්වාසය තබමින් යුධ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකිරීම අත්‍යාවශ්‍ය බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. එය ජාත්‍යන්තර නිර්ණායක මත පදනම්ව සිදු විය යුතු බවටයි කැලම් මැක්රේ යෝජනා කර තිබෙන්නේ. යුධමය සමයේ සිදු වු බව කියන අයහපත් තත්ත්වයන් සම්බන්ධයෙන් එවැනි පරීක්ෂණයක් සිදු කිරීම ශ්‍රී ලංකාවාසී සියළු ජන කොටස් අතර විශ්වාසය තහවුරු කිරීමට හේතු වනු ඇතැයිද ඔහු සඳහන් කර තිබෙනවා.

මේ අතර කැනඩාවේ දෙමළ ඩයස්පෝරාවද, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සිදු වූ බව කියන සිද්ධීන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සඳහා බලපෑම් එල්ල කරන ලෙසයි.

Check Also

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...