මාලඹේ ප්‍රමිතියෙන් තොර වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍යවරුන් බිහිනොකලෑයි වෛද්‍ය සභාවෙන් කාලෝ ෆොන්සේකා එලියට… October 23, 2013 Comments Off on මාලඹේ ප්‍රමිතියෙන් තොර වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍යවරුන් බිහිනොකලෑයි වෛද්‍ය සභාවෙන් කාලෝ ෆොන්සේකා එලියට… 2 Views ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකාට එම තනතුරෙන් ඉවත් වන්නැයි ඉහළ දේශපාලන බලපෑම් එල්ල වී තිබෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා. ඔහුව එම තනතුරෙන් ඉවත් කර දේශපාලන බලවතාට හිතවත් පුද්ගලයෙක් එම තනතුරට පත්කර ගැනීමට වෑයම් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග වැඩි දුරටත් අවධාරණය කරනවා. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍යවරුන් බිහිකිරීම සඳහා අනුමැතිය ලබාදීමට සභාපතිවරයා කටයුතු නොකිරීම හේතුවෙන් ඔහුව මෙම තනතුරෙන් ඉවත් කිරීමට හේතු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කරනවා. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ප්‍රමිතියෙන් තොර ආයතනයක් වීම හේතුවෙන් එයින් බිහිවන වෛද්‍යවරුන්ද ප්‍රමිතියෙන් යුක්ත නොවන බැවින් සභාපතිවරයා ඊට අවශ්‍ය අනුමැතිය නොදීම ඊට හේතුවන්නට ඉඩ ඇතැයි එම ප්‍රකාශකයා වැඩි දුරටත් අවධාරණය කරනවා. Share featured Latest slider spotlight 2013-10-23 ceylonradio Share Facebook Twitter Google + Pinterest