-කුඩා ලොරියකින් තණමල්විල සිට ගංජා ප්‍රවාහනය කළ පොලිස් පරීක්ෂකවරයකු හා ඔහුගේ බිරිඳ සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ඇඹිලිපිටිය පොලිසියට ලැබුණු ඔත්තුවක් අනුව ඔරලෝසු කණුව අසලදී මෙවැටලීම සිදුකළ අතර එහි තිබී ගංජා ගෝනි 10ක් සොයා ගත් බවත් ලොරියේ සිට් සැකකරුවකු පැන ගිය බවත් ලොරිය පොලිස් නිලධරයාගේ බිරිඳට අයිති බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිසිය පවසයි. එම පොලිස් නිලධරයා තණමල්විල පොලිසියේ සේවය කරන බවද දැනගන්නට ඇත. එහි තිබී හමුවූ ගංජා කිලෝවක වටිනාකම රුපියල් 15000 කි.

