12.6 C
London
Thursday, May 15, 2025
spot_img

කැන්ටිමේ අංකල් ගේ වැඩ මාට්ටු

කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුවකු එහි ආපන ශාලාවේ සේවකයකු විසින් අපයෝජනයට ලක්‌ කරනු ලැබීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් ජාතික ළමාරක්‌ෂක අධිකාරියට පැමිණිල්ලක්‌ ලැබී ඇත.

දහය ශ්‍රෝණියේ ඉගෙනුම ලබන මෙම සිසුවා කොළඹ පාසලට පැමිණ ඇත්තේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබමිනි. එලෙස පැමිණීමෙන් පසු පාසල් නේවාසිකාගාරයේ සිටිමින් අධ්‍යාපන කටයුතුවල නිරත වී ඇති සිසුවාට ආපන ශාලාවේ සේවකයා නිතර නිතර ආහාරපාන ලබාදී සිය අවශ්‍යතාවන් සඳහා අවනත කරගෙන ඇති බවද පැවසේ.

වයෝවෘද්ධ පුද්ගලයකු වන සේවකයා මෙම සිසුවාට අමතරව තවත් සිසුන් අපයෝජනය කර ඇතිද යන සැකය මත පරීක්‌ෂණ පැවැත්වේ. කෙසේ වුවද ආපන ශාලාවේ සේවකයා මේ වන විට පාසලෙන් ඉවත් කර ඇතැයිද දැනගන්නට තිබේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles