11.3 C
London
Saturday, May 17, 2025
spot_img

සුරූපිනියගේ කාර් ජාවාරම

කූලි පදනම මත ලබාගත් මෝටර් රථ අලෙවි කිරීමේ ජාවාරමක නිරත වු කාන්තාවක හොරණ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර කාන්තාවගෙන් මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා අත්තිකාරම් මුදල් ලබාදුන් අයෙකු විසින් පොලීසියට කළ පැමිණිල්ලක් මත සිදුකළ වැටලීමකදී ඇය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරිම්වලදි අනාවරණය වී ඇත්තේ කුලී පදනම මත මෝටර් රථ ලබාදෙන ආයතන දෙකකින් ලබාගත් මෝටර් රථ ඇය විසින් මෙලෙස අලෙවි කිරීම සඳහා යොදාගෙන ඇති බවය.

ඇය විදේශ තානාපති සේවයේ නිරත බව ද පවසා ඇති අතර නිවසින් නිවසට ගොස් ඉංග්‍රීසි ටියුෂන් දීමෙහි නිරත ඇය කලක පටන් මෙම ජාවාරම කරගෙන ගොස් තිබේ.

29 හැවිරිදි සැකකාර කාන්තාව අද හොරණ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

හොරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles