මහ බැංකුවේ ලිඛිත අවසරය හිමිව තිබෙන කාර්ගිල්ස් කෘෂිකාර්මික හා වානිජ බැංකුව විවෘත කිරීම දිනෙන් දිනම කල් යන්නේ ජනපතිවරයාගේ අත්සන නොමැතිවීමෙන් බව වාර්තා වේ. බැංකු පනතේ ප්‍රකාරව මෙම බැංකුවට ව්‍යාපාර කටයුතු ආරම්භ කිරිමට මුදල් විෂය භාර අමාත්‍යාවරයා ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය අවශ්‍ය වේ.
ජනපතිවරයා මෙසේ සිය අත්සන යෙදීම ප්‍රමාද කරනු ලබන්නේ සුපිරි වෙළෙද සැල් (සුපර් මාර්කට්) ක්‍රියාදාමය සිදු වන ආකාරය පිළිබඳ යම් මතභේදකාරි තත්ත්වයක් පැන නැගී තිබීම හේතුවෙන් බව මුදල් අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු හෙළි කළේය. විශේෂයෙන් ඒවායේ සැපයුම්කරුවන්ට පනවා ඇති මාස 06 ක ණය පදනම නිසා සිල්ලර වෙළෙදසැල්වලට තර්ජනයක් වීම මෙම තත්ත්වය උස්සන්න වීමට හේතුවක් යැයිද ඔහු කියා සිටියේය.
මේ අතර මහ බැංකු නියෝජ්‍ය අධිපති ආනන්ද සිල්වා මහතා මාධ්‍යට හෙළිකර තිබුණේ අදාළ බලපත්‍රය ළඟදීම ලැබෙනු ඇති බවට තමාට විශ්වාශය පළ කළ හැකි බවයි. දිවයිනේ සියළු පළාත් ආවරණය වන පරිදි තොරා ගත් ස්ථාන 10 ක සිය ශාඛා පිහිටුවා ඇති බව එම බැංකුවේ අධ්යක්ෂවරයෙක් හෙළි කළේය. මේ සදහා අවශ්‍ය සියළු පහසුකම් ගොඩ නගා අවසන් බවත්, සේවකයින්ද බදවාගෙන ඇතැයි ඔහු පැවසීය.
අදාල බැංකුවේ ක්‍රියාකාරිත්වය කාර්ගිල්ස් සමුහ ව්‍යාපාරයට අයත් කාර්ගිල්ස් ෆුඩි සිටි කේන්ද්‍ර කර ගනිමින් සිදු කිරීමට නියමිතය. මෙම බැංකුවේ මුලස්ථානය සදහා මේ වන වට කොල්ලුපිටිය ලංකා සෙරමික් ගොඩනැගිල්ලේ කොටසක් සකස්කර ඇත. දිගු කාලින බදු පදනමක් යටතේ එම ගොඩනැගිල්ල මිළදි ගෙන ඇති බවද පැවසේ.
රුපියල් බිලියන 04 ක පමණ මුළික ප්‍රාග්ධනයකින් ආරම්භ වන මෙම බැංකුවේ සියයට 30 ක හිමිකම කාර්ගිල්ස් සමුහ ව්‍යාපාරය දරණ අතර සියයට 10 කට ආසන්න ප්‍රතිශතයකට සේවක අර්ථසාධක අරමුදල දායක වී තිබේ. එම ආයෝජනය රුපියල් මිලියන 550 ක් පමණ වෙතැයිද පැවසේ.
මෙම බැංකුවේ සියයට 10 බැගින් කොටස් මිලදී ගැනීමට ලෝක බැංකුවේ පුද්ගලික අංශයේ මුල්‍ය සම්පාදන ආයතනය වන IFC සහ ජර්මානු සංවර්ධන මුල්‍යායතනය DEG පසුගියදා පියවර ගත්තේය. සමිපත් බැංකුවේ හිටපු ප්‍රධාන විධායක නිළධාරි හැරිස් ප්‍රේමරත්න මහතා මෙහි ප්‍රධාන විධායක වේ. රන්ජිත් පේජ් මහතා මෙහි සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබයි.