2015 වසරේ ගතවූ මාස දෙකහමාරක කාලය තුළදී දිවයිනෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව දස දහස ඉක්‌මවා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. මේ අනුව මෙම වසරේ ජනවාරි පළමුවැනිදා සිට මාර්තු 14 දක්‌වා කාලය තුළ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 10,323 දෙනකු වාර්තා වී ඇති අතර ඔවුනගෙනුත් බහුතරය බස්‌නාහිර පළාතෙන් වාර්තා වී ඇත. ජනවාරි මාසය තුළදී ඩෙංගු රෝගීන් 6276 දෙනකුද, පෙබරවාරි මාසය තුළදී රෝගීන් 3652 දෙනකු ද මාර්තු මාසයේ මුල් දින 14 තුළදී රෝගීන් 395 දෙනකු ද වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනු ලබයි.
කඩින්කඩ වර්ෂාව හේතුවෙන් ඩෙංගු රෝගය වේගයෙන් පැතිර යැම නිසා තම නිවස හා ගෙවත්ත තුළ ඩෙංගු මදුරුවන් බෝවන ස්‌ථාන විනාශ කර පරිසරය ශුද්ධ පවිත්‍රව පිරිසිදුව තබා ගන්නා ලෙස මහජනතාවගෙන් මේ දිනවල විශේෂයෙන් ඉල්ලීම් කරනු ලැබේ.
![](https://www.ceylonradio.co.uk/wp-content/uploads/2015/03/cases-of-dengu.jpg)