කැසිනෝ යනු සූදුවකි.එනයින් අනෙක් සූදූ ක්‍රීඩා මෙන්ම එය ද එය බැහැර කළ යුත්තක් බවට විවාදයක් නැත.සිඟාලෝවාද සූත්‍රයෙහි සූදුවෙහි ඇති ආදීනව පැහැදිලිව දක්වා තිබේ.සූදුවෙන් පරාජය ලැබූ විට (සාතිශය බහුතරයක් සූදූ කෙලින්නෝ ලබන්නේ පරාජයයි) ධනය හානිවේ.කලාතුරකින් හෝ ජය ලැබූ විට සතුරන් ඇතිවේ.මහන්සියකින් තොරව ලබාගන්නා ධනය පාපයක් බව මහත්මා ගාන්ධි තුමා දේශනා කොට ඇත.
සෑම සූදුවකට ම පොදු වූ ලක්ෂණ ඇත.මුලින් කියූ පරිදි විශාල පිරිසක් පරාජය ලැබීම හා කීප දෙනක් පමණ ජය ලැබීම ඉන් එකකි.ඇබ්බැහී වීම අනෙක් ලක්ෂණයයි.
තමන්ට හදිසියේ අති විශාල ධනස්කන්ධයකට උරුමකම් කීමට ලැබේ යයි විශ්වාසයක් බොහෝ තුන්වන ලෝකයේ රටවල ජනතාව තුල ඇත.රේස්බුකී වලට දිනපතා තුණ්ඩු දාන්නේ ද,සතියේ දින සතෙහි ම රූපවාහිනියෙන් දිනුම් අදින ලොතරැයි මිලට ගන්නේ ද මේ සිහිනය සැබෑ කරගැනීමේ පරමාර්ථයෙනි. ලැබෙතැයි සහින මවන අතිවිශාල ධනස්කන්ධය පිලිබද බලාපොරොත්තුවට අමතරව සූදු කෙලීම විනෝදාංශයක් බවට පත් කරගත්තෝ ද විරල නොවේ.(බොහෝ විට බටහිර රටවල ධන කුවේරයන් කැසිනෝ ක්‍රීඩා කරනුයේ විනෝදයටයි).මේ අරමුණු දෙකම පෙරදැරි කරගත්තෝ ද සිටිති.සූදුවේ ජය පරාජය අවිනිශ්චිත බැවින් ඒ පිලිබඳ කුතුහලයට ඇති ආශාව නිසා ම මේ සදහා යොමුවන්නේ සිටිති.
සූදුවෙන් පරිබාහිරව ගත්ත ද මිනිසා ජීවත් කරවන්නේ “බලාපොරොත්තුවයි“.
ජය හෝ පරාජය අවිනිශ්චිත වුව ද සූදුවෙන් අනිවාර්යයෙන් ම ජය ම පමණක් ලබන්නෝ ද සිටිති.ඒ මේවා පවත්වාගෙන යන අය,පහසුකම් සපයන අය සහ ඒවායි බදු ලබාගන්නා රජයයි.සූදූ පිටියේ “තෝන්“ ගන්නෝ ද,රේස් බුකියේ “කොමිස්“ගන්නෝ ද සැමදා ම ජයග්‍රාහකයෝ වෙති.
සුරාවෙහි අයහපත් ප්‍රතිවිපාක දැන දැන ම සුරාවට යොමුවන්නෝ සිටින්නාක් මෙන් ම සූදුවේ ප්‍රතිවිපාක දැන දැන ම සමාජයේ පිරිසක් සූදුවට යොමුව සිටී.සුරාව මෙන් ම එය ද නීතිරීති මගින් වැලැක්විය හැක්කක් නොවේ.රජය මැදිහත් වී සියලු මත්පැන් හල් වල බලපත් අවලංගු කොට ඒවා වසා දැමුවහොත් එහි අනිවාර්ය ප්‍රතිපලය වන්නේ නිතීවිරෝධි මත්පැන් නිශ්පාදනය ඉහලයාමය.සූදුවට සම්බන්ධයෙන් ද එය එසේමය.යම් හෙයකින් රජය මැදිහත් වී සියලුම සූදූ (ලොතරැයි ඇතුලුව)නීති මගින් තහනම් කලහොත් ඒ රික්තකය අනිවාර්ය යෙන් ම නීතිවිරෝධි ක්‍රම හා කලු මුදලාලිලා විසින් පුරවනු ලබව බවට කිසසිදු සැකයක් නැත.එබැවින් දුශ්චරිතයන් දුරලීමට ඇති වඩාත් ම සාර්ථක ක්‍රමය වන්නේ මේ සම්බන්ධ සමාජ ආකල්ප වෙනස් කිරීමයි.
ධනවත් විදේශ සංචාරකයන් ආකර්ශණය කරගැනීමේ පරමාර්ථයෙන් සංචාරක පාරිභෝගිකයන් ඉලක්ක කරගත් කැසිනෝ ක්‍රීඩා පහසුකම් ද සහිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ජේම්ස් පැකර් ගේ විදේශ ආයෝජයක් මෙරටට ලැබීම වරදක් නොවේ යයි කෙනෙකුට තර්ක කළ හැක.ජෝකිම් එලවා දැමුව ද කැසිනෝ තවමත් මෙරට තුල ක්‍රියාත්මකවේ.එනම් රට තුලකොහොමටත් ක්‍රියාත්මක කැසිනෝ නීතිමය රාමුවකට ගොනු කිරීම වඩාත් සාධනීය නොවේ දැයි සැලකිය නොහැකිද?
එය එසේ වුව ද මේ ව්‍යපෘතියේ බරපතල ම නිශේධනීය කාරණය වන්නේ ජේම්ස් පැකර්ට හිමිවන අතිවිශාල බදු සහනයයි.ආයෝජකයාට සියලු ප්රතිලාභ ලැබෙන මුත් රජයට තඹ සතයක බදු ආදායම දශකයකට වැඩි කාලයක් (වාර්තා වන අන්දමටයි)නොලැබෙන්නනේ නම් මෙය පල රහිත ව්‍යයාමයක් බව නොකිවමනාය.
දැලි පිහියක් නිසි ලෙස භාවිත කොට විපුල ප්‍රයෝජන ලද හැක්කාක් මෙන්ම,අවභාවිතයෙන් අත-පය පමණක් නොව බෙල්ල ම කැපීයාමට ද ඉඩ තිබෙන බව අමතකනොකළ යුතුය.