News

කරාපිටිය ප්‍රදේශයේ දැවැන්ත සෝදිසි මෙහෙයුමක්

කරාපිටිය ජස්ටින් කන්ද ප්‍රදේශයේ දැවැන්ත සෝදිසි මෙභෙයුමක් ඇරඹෙයි. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු 40 දෙනෙක් මෙභෙයුමට එක්ව සිටිති. ඊට අමතරව පොලිස් නිලධාරීන් 140 දෙනෙකු මේවන විට මෙභෙයුමේ නිරතව සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. මෙභෙයුම ක්‍රියාත්මක වන කරාපිටිය ජස්ටින් කන්ද ප්‍රදේශයේ පිහිටා තිබෙන නිවාස සංඛ්‍යාව 75 ක්. ඒවා කේන්ද්‍ර කරගෙනයි සෝදිසි මෙභෙයුම සිදුවන්නේ. ඒ ගාල්ල මහේස්ත‍්‍රාත්වරයාගේ වරෙන්තුවකට අනුවයි අපරාධ කරුවන් ...

Read More »

ගෝඨාභය හා හිටපු නාවික හමුදාපති සෝමතිලකට රට යාම තහනම්

-හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට හා හිටපු නාවික හමුදාපතිවරයාගේ විදෙස් ගමන් බලපත්‍ර තාවකාලිකව අහෝසි කිරිමට අධිකරණ නියෝගයක් ලබා දී ඇති බව මහජන සාමය ආපදාකළමනාකරණ හා ක්‍රිස්තියානු කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඒෂීයන්මිරර් වෙබ් අඩවියට පැවසුවේය. පාවෙන අවි ගබඩා සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මෙම නියෝගය පනවා ඇති බව තමන්ට දැන ගන්නට ලැබුණු බව අමාත්‍යවරයා පැවසී ය. ඒ අනුව හිටපු ආරක්ෂක ...

Read More »

ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශකවරයා වශයෙන්, ක්‍රිස් නෝනිස් මහතා සිය පත්වීම් ලිපිය ලබයි‍.

-බ්‍රිතාන්‍යයේ හිටපු මහා කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශකවරයා වශයෙන්, සිය පත්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ලබාගනු ලැබූහ. ක්‍රිස් නෝනිස් මහතා ලන්ඩන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිධරයෙක් වන අතර ඔහු සිය පශ්චාත් උපාධිය කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ලබා ගන්නා ලදී. වෛද්‍යවරයෙකු ලෙස වසර ගණනාවක් බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ කටයුතු කර ඒ මහතා හෘද ...

Read More »

කන්කසන්තුරෙයි ඉදිවන ජනපති මැදුර ජනසතු කරයි.

-ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා යාපනය කන්කසන්තුරෙයි ඉදිවන ජනාධිපති මන්දිරය ජනසතු කරන බව පවසයි. උතුරු පළාත් සම්බන්ධීකරණ රැස්වීමෙන් අනතුරුව ජනපති එහි සංචාරය කොට ඉදිවන ජනාධිපති මන්දිරය පිළිබඳව සොයා බලන ලදී. දැනට 80%ක පමණ වැඩ අවසන්වී ඇති එහි ඇස්තමේන්තු ගත මුදල රුපියල් කෝටි 200ක් වන අතර මහජන මුදල් විනාශ කරමින් ඉදිවන එවැනි සුඛෝපභෝගී මැදුරක් තම සුඛ විහණයට යොදා නොගන්නා බවද එහිදී ජනපති ...

Read More »

හිටපු ප්ලොට් සාමාජිකයෙකු වෙඩි තබා ඝාතනය කරයි (Photos)

වවුනියාව, පූන්තෝට්ටම් ප්‍රදේශයේදී ඊයේ (03දා) රාත්‍රියේදී හිටපු ප්ලොට් සාමාජිකයෙකුවෙඩි තබා ඝාතනය කර ඇතැයි වවුනියාව පොලීසිය සඳහන් කරයි. ඝාතනයට ලක්වූ පුද්ගලයා වඩිවේල් අලකන් නමැති 45 හැවිරිදි හිටපු ප්ලොට් සාමාජිකයෙකු වන අතර මීට වසර 3 කටපමණ පෙර එම සංවිධානයෙන් ඉවත්ව තිබේ. පසුව ඔහු වවුනියාව වෛරව පුලියන්කුලම්ප්‍රදේශයේ ව්‍යාපාර කටයුතු සිදුකර තිබේ. මොහු තිදරු පියෙක් වන බවත් පොලිසිය පැවසීය. ඊයේ රාත්‍රී 10.30ට පමණ පූන්තොට්ටම් ...

Read More »

ජාතික කොඩිය පහත දමා නව කොඩියක් ඔසවයි – මහනුවර උණුසුම් වේ (video)

-ශ්‍රී දළදා මාළිගාවේ මඟුල් මඩුව පරිශ්‍රයේ ප්‍රදර්ශනය කර තිබු ජාතික කොඩිය පහත දමා සිංහලේ කොඩිය නමැති වෙනත් කොඩියක් බලහත්කාරයෙන් එසවු බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ. සිද්ධිය සැල වීමත් සමග එහි පැමිණි පොලිස් නිලධාරීන් සහ මෙම කාර්යයට පැමිණි පිරිස අතර උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබේ. වාරියපොළ ශ්‍රී සුමංගල හිමි ඉංග්‍රීසි කොඩිය බිම දමා සිංහලේ කොඩිය හෙවත් අප ...

Read More »

අම්පාර මුල්‍ය ආයතනයකදී ගිනි තබාගත් පුද්ගලයා මියයයි

අම්පාර නගරයේ ලීසිං ආයතනයක දී සිරුරට ගිනි තබාගත් පුද්ගලයා අම්පාර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 02 වැනිදා පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව ඇත. අදාළ පුද්ගලයාට අයත් වාහනයේ ණය වාරික ගෙවා ගැනීමට අපහසු බව පවසමින් මෙලෙස සිරුරට ගිනි තබාගෙන ඇති බව පොලීසිය පවසයි. වයස අවුරුදු 40ක් වන අම්පාර ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන ඔහු අදාළ මූල්‍ය ආයතනයෙන් කල් බදු පදනම මත ටිපර් රථයක් ලබාගෙන තිබේ. ...

Read More »

මුහුණු ආවරණය සහිත හෙල්මට් පැළඳීම ලබන 20 වැනිදායින් තහනම්.

-සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය සහිත (Full face) හෙල්මට් පැළඳ යතුරු පැදි ධාවනය කිරීම ලබන 20 වැනිදා සිට සම්පූර්ණයෙන් තහනම් කරන ලදී. මෙවැනි හෙල්මට් පැළඳ විවිධ පුද්ගලයන් සිදුකරන අපරාධ වැඩිවීම නිසා එය තහනම් කිරීමට පොලිස්පතිවරයා තීරණය කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ අජිත් රෝහණ මහතා පවසනුයේ 2013 වසරේදී මෙවැනි හෙල්මට් පැළඳ යතුරු පැදි ධාවනය තහනම් කිරීමේ නීතිය පොලිසිය විසින් ...

Read More »

විලියම් කුමරු සුනාමියෙන් හානියට පත් ජපානයේ ප්‍රදේශ නිරීක්ෂනය කරයි.

-බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සුනාමි ව්‍යසනයෙන් හානියට පත් ජපානයේ ප්‍රදේශ නිරීක්ෂනය කරයි. සංචාරයක් සදහා ඔහු ජපානයට පැමිණියේය. දහනව දහසක් පමණ ජීවිතක්ෂයට පත්වූ ඉෂිනොමකි ප්‍රදේශය ඔහුගේ නිරීක්ෂණයට ලක්ව ඇතැයි විදෙස් ප්‍රවෘත්ති වාර්තා සදහන් කරයි. විලියම් කුමරු චීන සංචාරයක් සදහා ද එක්විමට නියමිතයි. Share

Read More »

06 වැනිදා රජයේ රෝහල්වල වෛද්‍යවරු වැඩවර්ජනයක්‌

-මෙම සිකුරාදා (06 වැනිදා) රට පුරා සිටින රජයේ රෝහල්වල වෛද්‍යවරු අයවැයෙන් පොරොන්දු වූ වැඩි වැටුප් ඉල්ලා දීපව්‍යාප්ත වැඩවර්ජනයක්‌ ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර වැටුප් ප්‍රශ්නය මුල්කර ගනිමින් වෛද්‍යවරුන් වසර තුනකට පසු පවත්වන මෙම වැඩවර්ජනය අඛණ්‌ඩව සිදුකරන්නේද නැද්ද යන්න සිකුරාදා වෘත්තීය ක්‍රියාමාර්ගයට ලැබෙන ප්‍රතිචාර මත තීරණය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ලසන්ත ජිනදාස මහතා ප්‍රකාශ කරයි. මහින්ද ...

Read More »