News

රඹුටන් නිසා ති‍දෙනෙකු ඇන කොටා ගනියි

මහනුවර පොදු වෙළඳ පොළ අසලදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ. අද උදෑසන මෙම ගැටුම ඇතිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කරයි. තුවාල ලැබූ පුද්ගලයින් මහනුවර රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව අජිත් රෝහණ මහතා පැවසුවේය. රඹුටන් වෙළදාම සම්බන්ධයෙන් ඇතිවු බහින් බස් වීමක් දුර දිග යාමෙන් මෙම ...

Read More »

පාලිත ප්‍රනාන්දු නීතිපති කිරීමට අවසරයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව නීතිපතිවරයා ලෙස පාලිත ප්‍රනාන්දු මහතා පත්කිරීම සඳහා පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව ඇති බව කාරක සභා කමිටු සාමාජික ඒ.එච්.එම් අස්වර් මහතා පවසයි. නීතිපතිවරිය ලෙස මෙතෙක් එම ධූරයේ කටයුතු කළ ඊවා වනසුන්දර මහත්මිය පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස දිවුරුම්දීමත් සමග නීතිපති ධූරය පුරප්පාඩුව පැවැතිණි. පාලිත ප්‍රනාන්දු මහතා මීට පෙරාතුව සොලිස්ටර් ජනරාල්වරයා ලෙස කටයුතු කර ඇති අතර ...

Read More »

පන්කෝටි 75 ලක්ෂයක් වංචා කළ පුද්ගලයෙකු කොටුවෙයි

මහා පරිමාණ මුදල් වංචාවක් සිදු කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දොම්පේ පොලිසියට පුද්ගලයින් 16 දෙනෙකු විසින් සිදු කරන ලද පැමිණිලි අනුව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්ය. සැකකරු විසින් රුපියල් පන් කෝටි හැත්තෑ පන් ලක්ෂයක මුදලක් වංචා කර ඇති බව මූලික පරීක්ෂණ වල දී අනාවරණ වී ඇත. අදාළ පුද්ගලයින්ගෙන් ලබා ගත් මුදල් මොහු විසින් ආපසු නොදී ඇති බව ...

Read More »

කැබති‍ගොල්ලෑව ප්‍රදේශයෙන් බාලවයස්කාර ලිංගික අපරාධයක්

කැබතිගොල්ලෑව පොලිස් බල ප්‍රදේශයට අයත් වාහලකඩ ප‍්‍රදේශයේදී වයස අවුරුදු 14 ක්වූ බාල වයස්කාර දැරියක නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර තිබේ. පසුගිය ජූලි මස 08 වන දින හා 11 වන දින අතර කාලයේදී මෙසේ නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර ස්ත‍්‍රී දූෂණයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඊයේ(11) දින කැබතිගොල්ලෑව පොලිසියට වාර්තාවූ බව පොලීසිය පවසයි. අදාළ දැරිය සැකකරු සමග පවත්වාගෙන ගිය පේ‍්‍රම සම්බන්ධතාවයක් හේතුවෙන් මෙම අපරාධයට ...

Read More »

ශ්‍රී ලංකාවට ලකුණු 270 ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර පැවැත්වෙන තුන්වන හා අවසන් ටෙස්ට් තරගයේ දෙවෙනි ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානු කණ්ඩායම කඩුලු 8 ට ලකුණු 380 ක් රැස්කර තම ඉනිම අත්හිටුවීමට තීරණය කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 270 ක ඉලක්කයක් හඹායාමට සිදුව තිබේ. අද තරගයේ අවසාන දිනයයි. Share

Read More »

ජනතාව ගැන හිතන දේශපාලනඥයින් වැඩියි

මහජන මුදල් කාබාසිනියා නොකොට ජනතාව ගැන හිතන දේශපාලනඥයින් වැඩි පිරිසක් සිටින බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. එහෙත් වගකීම් විරහිත ලෙස මහජන මුදල් කාබාසිනියා කරන දේශපාලනඥයින්ද ඉතා අතළොස්සක් සිටින බව අමාත්‍යවරයා කියා සිටියේ අද(12) අමාත්‍යංශයේ දී අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු ලෙස මොහාන් ලාල් ග්‍රේරු මහතා වැඩබාරගැනීමේ අවස්ථාවට එක්වෙමිනි. ග්‍රේරු මන්ත්‍රීවරයාද ජනතාව ගැන වැඩියෙන් හිතන දේශපාලනඥයෙකු බව අලහප්පෙරුම ...

Read More »