Sport news

සිතු දේ නොමවිය………. නොසිතු දේම විය………………

-ඕනෑම ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියක අට වසරක්‌ පුරා අවසන් මහා තරගයේ ස්‌ථානයක්‌ වෙන්කර ගෙන සිටි ශ්‍රී ලංකාව ඊයේ (18 දා) පැවැති පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකානුවන් හමුවේ කඩුලු 09 නොසිතූ පරාජයක්‌ ලබමින් 2015 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවෙන ලදී. එම පීඩනය හොඳින් දන්නා ශ්‍රී ලංකා කණ්‌ඩායමට හිටි හැටියේ වැදුණු අකුණු සැරයක්‌ මෙන් සියලු දෙනා ලකුණු 133 කට දැවී ...

Read More »

ශ්‍රි ලංකා රග්බි පිල සිවුවැනි ස්ථානයට

-මැලේසියාවේදී පැවැති 2015 වසරේ පළමු ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය වන ‘බෝනියෝ සෙවන්ස්’ රග්බි තරගාවලියේදී ශ්‍රි ලංකා පිල සිවුවැනි ස්ථානයට පත්වූ අතර තරගාවලියේ අවසන් දිනය වූ ඊයේ (01) පළග කුසලාන අවසන් තරගයේදී ශ්‍රි ලංකා පිල පැපුවා නිව් ගිනියා හමුවේ ලකුණු 7-33 කින් පරාජයට පත්විය. හොං කොං පිල ලකුණු 24-0 කින් ටොන්ගෝ රාජ්‍ය පරාජය කරමින් කුසලාන ශූරතාව දිනා ගැනීමට සමත් විය. ...

Read More »

සංගා සහ තිරිමාන්නගේ වාර්තාගත සබඳතාවයෙන් එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්.

-ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය සමග තරගය කඩුලු 9කින් ජයගත් ශ්‍රී ලංකා පිල සුපිරි 8 වටයට පිවිසීමේ බලාපොරොත්තු ඉහල නංගා ගැනීමට සමත් වෙයි. තරගය පැවැත්වුනේ වෙලින්ටන්හි වෙස්ට් පැක් ක්‍රීඩාංගණයේ. කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාගත්තා. පන්දුවාර 50 අවසානයේ කඩුලූ 6ක් දැවී ඔවුන් රැස් කල ලකුණු සංඛ්‍යාව 309ක්. තරගය ආරම්භයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් තරගයේ පාලනය පවත්වාගෙන ගියත් ජෝ ...

Read More »

සුපිරි අට වටයේ ස්‌ථානයකට තරග වදින අපේ සිංහයින්.

-ලෝක කුසලාන තරගාවලියේ තවත් ජයග්‍රාහී පිම්මක්‌ බලාපොරොත්තුවෙන් ජයාග්‍රාහී මාවතට පැමිණ සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායම අද (01 දා) එංගලන්ත කණ්‌ඩායම මුණ ගැසීමට නියමිතය. නවසීලන්තයේ වෙලින්ටන්හි පිහිටි වෙස්‌ට්‌පැක්‌ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 3.30 ට පමණ ආරම්භ වීමට නියමිතව අැත.. නවසීලන්තය සමග පැවැති තරගය පරාජය වීමෙන් පසුව සිය දක්‍ෂතා මුවහත් කරගත් ශ්‍රී ලංකාව ඇප්ගනිස්‌ථානයට සහ බංගලාදේශයට එරෙහිව ජය වාර්තා ...

Read More »

මහේල ජයවර්ධනගේ 19 වැනි එක්දින අන්තර්ජාතික ශතකය ඊයේ වාර්තා වෙයි.

-ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර නවසීලන්තයේ ඩනෙඩින් නුවරද ඊයේ (22 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ලකුණු 25 ක් රැස්කරගැනීමත් සමගම ලෝක කුසලාන තරග ඉතිහාසයේ ලකුණු 1000 කඩයිම පසුකිරීමට මහේල ජයවර්ධන සමත් විය. ලෝක කුසලාන තරග වලදී ලකුණු 1000 ක් ලබාගත් සිවුවැනි ශ්‍රී ලාංකිකයා වන්නේ මහේල ජයවර්ධනයි. මේ දක්වා ලෝක කුසලාන තරග 35 කට සහභාගි වී ඇති මහේල ඊයේ ලබාගත් ලකුණු ...

Read More »

සුපුරුදු රිද්මය ගිලිහුනිද පුතුනේ

-ලෝක කුසලාන සමාරම්භක තරගයේදීම නීරස ක්‍රීඩා විලාශයක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පෙරේදා (14 දා) සත්කාරක නවසීලන්තය හමුවේ ලකුණු 98 ක දැවැන්ත පරාජයක්‌ ලැබීය. ඒ අනුව සුපිරි අට වටය සඳහා තරගාවලියේ පළමු ප්‍රසාද ලකුණු දෙක ලබා ගැනීමට නවසීලන්තය සමත් විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තරගය පරාජය වුවද ලෝක එක්‌දින පිටියේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවැනි තැනට පත්වීමට කුමාර් සංගක්‌කාරට මෙම ...

Read More »

ජනප්‍රිය රගර් ක්‍රීඩක වසීම් තජවුඩීන් ඝාතනය සම්බන්ධව යටගොස් තිබූ පරීක්ෂණ නැවත ක්‍රියාත්මකයි.

-මීට වසර 2 2/1 කට උඩදී අභිරහස්‌ අන්දමින් ඝාතනය කර මෝටර් රථයට දමා ගිනි තැබූ ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමට ක්‍රීඩා කළ ජනප්‍රිය රගර් ක්‍රීඩක වූ 2009 වර්ෂයේ ජනප්‍රියම රගර් ක්‍රීඩකයා වූ ද ප්‍රසිද්ධ රගර් කණ්‌ඩායම් කීපයකටම ක්‍රීඩා කළ වසීම් තජවුඩීන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විමර්ශන මේ වන විට ආරම්භ කර තිබේ. රගර් ක්‍රීඩාවට සම්බන්ධ ප්‍රබල දේශපාලන හස්‌තයක්‌ ක්‍රියාත්මක ...

Read More »

ආබාධයකට ලක්වූ ධම්මික වෙනුවට දුෂ්මන්ත ලෝක කුසලාන තරඟාවලියට

-ලෝක කුසලාන තරගාවලිය ආබාධයකට ලක්වීම හේතුවෙන් අහිමිවූ වේගපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ලෝක කුසලාන තරගාවලියට එක්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති අතර දුෂ්මන්ත චමීර කණ්ඩායමට එක්කිරීම පිළිබඳව අවශ්‍ය අවසර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ලබාගත යුතු අතර, ඒ සඳහා අවශ්‍ය අවසරය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා ඇත. 23 හැවිරිදි ...

Read More »

යුද හමුදාවට පොලිස් රග්බි කණ්ඩායම පැරදෙයි.

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හතරවැනි සතියේ දෙවැනි තරගයෙන් යුද හමුදා කණ්ඩායම පරදා ලකුණු 27 – 18 ක ජයක් ලැබීමට පොලිස් කණ්ඩායම සමත් වූ අතර කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති මෙම තරගයේදී පළමු අර්ධයේ ලකුණු 17-15 ක් ලෙසින් ඉදිරියෙන් සිටීමට පොලිස් ක්‍රීඩකයෝ සමත් වූහ. පොලිස් කණ්ඩායම ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුම් 2 ක් හා දඬුවම් පහර මගින්ද යුද ...

Read More »

යුද හමුදා ක්‍රීඩා වර්ණ ප්‍රදානය

-‘දේශයේ අභිමානය ජගත් කෙළිබිමට’ යන තේමාව ඔස්සේ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා වර්ණ ප්‍රදානය මේ මස 12දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙයි.එයට සමගාමීව මේ මස 10වැනිදා සිට යුද හමුදා ක්‍රීඩා ඉතිහාසයේ විශේෂ අවස්ථා ඇතුළත් ඡායාරූප ප්‍රදර්ශනයක් 12වැනිදා දක්වා පැවැත්වෙන අතර පිටු 450කින් යුත් යුද හමුදා ක්‍රීඩා ඉතිහාස ග්‍රන්ථය එළිදැක්වීමද සිදු වේ. යුද හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩා ඉසව් 35කදී ...

Read More »