Sport news

වොලිබෝල් අනතුරේ

-හිටපු විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා 2005 සිට අඛණ්‌ඩව වොලිබෝල් සම්මේලනයේ රැඳී සිටි අතර ටොරින්ටන් හී පිහිටි ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන මධ්‍යස්‌ථානය, කොළඹ නගරය අලංකාර කිරීමේ නාගරික සංවර්ධන අධිකාරියේ වැඩ පිළිවෙල යටතේ කඩා කඩා ඉවත්කිරීමෙන් අනතුරුව වොලිබෝල් කාර්යාලීය මෙහෙයුම් කටයුතු විදේශ රැකියා අමාත්‍යංශයේ සිට ක්‍රියාත්මක විය. ආණ්‌ඩු බලය හුවමාරු වීමත් සමග ජාතික ක්‍රීඩාවේ පරිපාලනය හෙවත් ශ්‍රී ...

Read More »

ශ්‍රී ලංකා – නවසීලන්ත තුන්වන තරඟය වර්ෂාව නිසා අතහැර දැමේ.

-ශ්‍රී ලංකා – නවසීලන්ත තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට විනිසුරුවරු තීරණය කළහ. පළමුවෙන් පන්දුවට පහර දෙන නවසීලන්ත කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවාර 28යි පන්දු 5ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 145කි. ඔක්ලන්ඩ්හි දී පැවැත්වෙන තුන්වැනි එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය. බ්‍රෙන්ඩන් ...

Read More »

තෙදින ක්‍රිකට් තරඟාවලිය අද සිට

2014 වසරේදී එන්.සී.සී. පිල ශූරතාව දිනාගත් අන්තර් ක්‍රීඩා සමාජ තෙදින ක්‍රිකට් තරගාවලියේ මෙවර තරගාවලිය ජනවාරි 9 දින ආරම්භ කිරීමට සැලසුම් කර තිබිණි. එහෙත් පසුගිය 8 වැනි දින ජනාධිපතිවරණය පැවැත්වීම නිසා එම තරගාවලිය කල්දමන ලදී. එහෙත් එම තරගය (ජනවාරි මස 16 වැනි දින) එනම් අද දින ඇරඹේ. මෙම තරගාවලියේ පළමු වටය පෙබරවාරි 29 දිනෙන් අවසන් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ...

Read More »

නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 6ක විශිෂ්ට ජයක්

නවසීලන්තය සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමිවිය. ඒ අනුව තරග 7කින් සමන්විත එක්දින තරගාවලිය දෙපිලම තරග එක බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවේ. හැමිලන්හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම ප්‍රථමෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 තුළදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 248ක් ලබා ගත්තේය. නවසීලන්තය වෙනුවෙන් වේගවත් ...

Read More »

සංගා පෙරමුණට

නවසීලන්තයට එරෙහිව වෙලින්ටන් නුවර පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ දී ද්විත්ව ශතකයක් රැස් කළ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර අයි.සී.සී. ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ නැවත අත්කර ගත්තේය. තරග 2-0 කින් නවසීලන්තය හමුවේ ටෙස්ට් තරගමාලාව පරාජයට පත්වූව ද ද්විත්ව ශතකය හේතුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරු වර්ගීකරණයේ ප්‍රසාද ලකුණු 909 ක් රැස් කිරීමට ඔහුට හැකිවිය. එම තරගමාලාවේ සෙසු ඉනිම් 3දී ...

Read More »

පළමු තරඟයෙන් නවසීලන්තය දිනයි.

-ශ්‍රී ලංකාව සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් නවසීලන්තය කඩුලු 3ක ජයක් අද වාර්තා කළේ ය. ක්‍රයිස්චර්ච්හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජෙලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය. ලකුණු 82ක් තුළ ශ්‍රී ලංකා පළමු කඩුලු 4 බිඳ වැටිණ. අනතුරුව මහේල ජයවර්ධන සහ ලහිරු තිරිමාන්න ශ්‍රී ලංකා පස්වැනි කඩුල්ලට ලකුණු 73ක සබඳතාවක් ගොඩනැගූහ. තිරිමාන්නට රැස් කළ ...

Read More »

නවසීලන්තයට ලකුණු 193 ක ජයක්

නවසීලන්තයට එරෙහිව පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ද ශ්‍රී ලංකාවට ලකුණු 193ක දැවැන්ත පරාජයක් හිමි විය. ජනවාරි 3 වන දා ආරම්භ වූ මෙම තරගයේදී නවසීලන්තය පළමු ඉනිම වෙනුවෙන් සියලු කඩුලු දැවී ලකුණු 221ක් රැස් කළේ ය. නවසීලන්තය (පළමු ඉනිම) – 221/10 කේන් විලියම්සන් – 69 හමිෂ් රදර්ෆර්ඩ් – 37 පන්දු යැවීම – නුවන් ප්‍රදීප් (4/63), සුරංග ලක්මාල් (3/71) ඊට පිළිතුරු වශයෙන් ...

Read More »

කුසල් ජනිත් සංචිතයට නම් කර නැත.

නවසීලන්තය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. ඇංජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේය. එම කණ්ඩායමට තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ලහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග, ධම්මික ප්‍රසාද්, නුවන් කුලසේකර, රංගන හේරත්, සචිත්‍ර ...

Read More »

ඩේවිඩ් වෝනර් ෆිල් හියුස් ඇද වැටුණු ස්ථානය සිප ගනි.(VIDEO)

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර අද ආරම්භ වූ සිව් වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සුවිශේෂී සිද්ධියක් සිදු විය. එම තරගය පැවැත්වෙන්නේ, පන්දුවක් වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ ෆිල් හියුස් අනතුරට ලක්වූ සිඩ්නි ක්‍රීඩාංගණයේ ය. එම ක්‍රීඩාංගණයේ ෆිල් හියුස් අනතුරට ලක්වීමෙන් පසු ඇද වැටුණු ස්ථානයේ ඔහු ඒ වන විට රැස් කර සිටි ලකුණු 63 ඉලක්කම තණකොළ මත කපා තිබේ. මෙහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු ...

Read More »

සංගක්කාර ටෙස්ට් ලකුණු 12,000 සීමාව පසු කරයි

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 78 ක් ලබා සිටියේය. කුමාර් සංගක්කාර අද ටෙස්ට් ලකුණු 12,000 සීමාව පසු කළේ ය. සංගක්කාර එම දක්ෂතානය දැක්වූ ලොව 5 වැනි ක්‍රීඩකයා වේ. එවැනි දක්ෂතාවක් දැක්වූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ද සංගක්කාර වේ. වෙලිංටන්හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ...

Read More »