Sport news

මහේල සමග සංගා අදින් පසුව ආයෙත් එන්නේ නෑ

මංගල තරගය මෙන්ම තමන් මෙරටදී සහභාගීවන අවසන් තරගය ද කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී ක්‍රීඩා කිරීම ලැබීම සුවිශේෂී අත්දැකීමක් බව හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසයි. ඔහු මේ බව පැවසුවේ, එංගලන්තට එරෙහි අවසන් එක්දින තරගය සඳහා කණ්ඩායමේ සූදානම පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ය. දිවා/රාත්‍රී තරගයක් ලෙස එය හෙට පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදීය. දක්ෂ පිතිකරුවකු, පන්දු රකින්නකු සහ නායකයෙකු ...

Read More »

වසර 4කින් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වයට පත්වූ හැඩකාර වැඩකාරයා (VIDEO)

මයිකල් ක්ලාර්ක් ආබාධයකට ලක් වීම ත් සමග ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ස්ටීවන් ස්මිත්ට පවරා තිබේ. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පවසන්නේ, ඉන්දියාව සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග සඳහා ස්ටීවන් ස්මිත් නායකත්වයට පත් කළ බව ය. ඊයේ නිමාවූ ඉන්දියාව සමග පැවති පළමු තරගයේ ලාබාලතම ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයා වූයේ, ස්ටීවන් ස්මිත් ය. 25 හැවිරිදි ස්මිත් ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමට එක් වූයේ, 2010 වසරේදී ...

Read More »

එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට.

එංගලන්තයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය තව ත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. ඒ, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවති 6වැනි එක්දින තරගය ලකුණු 90 කින් ජය ගැනීමත් සමගිනි. ඒ අනුව තරග 7කින් සමන්විත එක්දින තරගාවලිය තරග 4ට 2ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටිති. අද තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රථමයෙන් ...

Read More »

කුමාර් සංගක්කාරගෙන් ශතකයක්.

ශ්‍රී ලංකා ක්‍රීඩක කුමාර් සංගක්කාර සිය 20වන එක්දින ශතකය වාර්තා කළේ ය. ඒ එංගලන්තයට එරෙහිව මේ වන විට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන හය වන එක්දින තරගයේදී ය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 292ක් රැස් කර ගන්නා ලදී. අද තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය. Share

Read More »

චන්දිමාල්, සීක්කුගේ සහ දිමුත් අවසන් එක්දින තරග දෙකට කැඳවයි.

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන හයවන සහ හත්වන එක්දින තරග දෙක සඳහා දිනේෂ් චන්දිමාල්, සීක්කුගේ ප්‍රසන්න සහ දිමුත් කරුණාරත්න කණ්ඩායමට කැඳවා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනයට අනුව 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය මෙසේය. 01 ඇන්ජලෝ මැතිව්ස් (නායක) 02 ටී.එම්. ඩිල්ෂාන් 03 මහේල ජයවර්ධන 04 කුමාර් සංගක්කාර O5 ලහිරු තිරිමාන්න 06 දිමුත් කරුණාරත්න 07 දිනේෂ් චන්දිමාල් 08 ජීවන් මෙන්ඩිස් ...

Read More »

සචිත්‍රගේ පන්දු යැවීමේ තහනම ඉවතට

සිය පන්දු යැවීමේ ඉරියව්ව නැවත සකස්කරගත් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ නව ඉරියව්ව නිවැරදි බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි. මේ වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේදී සචිත්‍රගේ පන්දු යැවීමේ ඉරියව්ව අංශක 15 නීතිය උල්ලංඝණය කරන බවට චෝදනා වූ පසුව එංගලන්තයේ කරනු ලැබූ පරීක්ෂණයේදී ඔහුගේ ඉරියව්ව නිවැරදි නොවන බවට තහවුරු විය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි සච්ත්‍රට ...

Read More »