Uncategorized

විධායක නිලධාරියාගේ මළ සිරුර ඉල්ලන්න බිරියන් දෙදෙනෙක්

කොළඹ – නුවර 2මහා මාර්ගයේ වරකාපොල නගරයේ ධර්මසිරි සේනානායක මාවත අසලදී 16 දා අලුයම ත්‍රීවීල් රථයක්‌ ලොරියක ගැටීමෙන් ත්‍රීවීල් රථයේ රියෑදුරු එම ස්‌ථානයේදීම මියගොස්‌ ඇත. මෙම රිය අනතුරින් මියගිය අයගේ මෘතදේහය බාර ගැනීමට බිරියන් දෙදෙනකු ඥතීන් සමඟ පැමිණ වරකාපොල රෝහලේ හා වරකාපොල පොලිසියේ හඬා වැටී තමන්ට මියගිය අයගේ මළසිරුර ඉල්ලා සිටීමෙන් අනතුරුව වරකාපොල පොලිසිය විසින් පළමු විවාහක කාන්තාවට බාරදීමේ සිද්ධියක්‌ ...

Read More »

රාජපක්ෂගම හොල්මන් ගැන ඇත්ත ‍එළියට

තඹුත්තේගම රාජපක්‍ෂගම ප්‍රදේශයේ පැතිර යන අද්භූත මනුෂ්‍ය රූප දිස්‌වීමේ සිද්ධිය මානසික රෝගයක්‌ බව අධිමනෝ විද්‍යා පර්යේෂණ සංගමයේ සභාපති මනෝ විද්‍යාඥ පී. එන්. විද්‍යාකුලපති මහතා පැවැසීය. එම ගම්වාසීන් කීප දෙනකු මීට දින කීපයක සිට ගම්මානය පුරා අමනුෂ්‍ය රූප දර්ශනය වන බව පවසමින් දැඩි භීතියට පත්ව සිටි අතර ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ඒ මහතා එහි ගිය අවස්‌ථාවේ මේ බව ප්‍රකාශ කළේය. ...

Read More »

“අලි බලපත් සියල්ල අහෝසි කරනවා”

අලි ඇතුන් සදහා නව බලපත් නිකුත් කිරීමට අයදුම් පත් කැඳවන බවද දැනට නිකුත් කරනු ලැබ ඇති බලපත් සියල්ල අහෝසි කරන බවද වනජීවී අමාත්‍ය නවින් දිසානායක මහතා බීබීසීට පවසා තිබේ. නැවත ලියාපදිංචි කිරීමේ යාන්ත්‍රණය සඳහා නව තාක්ෂණික ක්‍රම වේදයක් යොදා ගැනීමට කටයුතු සැලසුම් කර ඇති බවද මෙහිදී අලියාගේ ඡායාරූපය වෙනුවට ඉලෙක්ට්‍රොනික කර පටියක් භාවිතා කිරීම ද යෝජනා වී ඇති බව ද ...

Read More »

කෝටි 6ක ගබ්සා පෙති ගෙනත්!

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි 6 කට අධික වටිනාකමකින් යුත් ගබ්සා පෙති හා මත්පැන් තොගයක්‌ කොළඹ 13, කදිරේෂන් ප්‍රදේශයේ ගබඩාවක තිබී ආදුරුප්පුවීදිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ආදුරුප්පුවීදිය පොලිසියට ලැබුණු තොරතුරකට අනුව (17 දා) සිදුකළ වැටලීමකදී මෙම ගබ්සා පෙති හා මත්පැන් තොගය සොයා ගෙන තිබේ. මෙම නීතිවිරෝධී භාණ්‌ඩ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් එක්‌ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ...

Read More »

තුවාල බෙහෙතක් වෙළද පලෙන් ඉවතට

අධික සාන්ද්‍රණයෙන් යුත් “හයිඩ්‍රජන් පෙරොක්‌සයිඩ්” නමැති රසායනික ද්‍රව්‍යය වහාම වෙළෙඳ පොළෙන් ඉවත් කර ගන්නා ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අදාළ සමාගමට දැනුම් දී ඇත. තුවාලවලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන මෙම “හයිඩ්‍රජන් පෙරොක්‌සයිඩ්” වෙනත් ශරීර ආබාධවලට භාවිතා කළ හැකි බවට ලේබලයේ සඳහන් වුවත් එසේ භාවිතා කිරීමේදී අතුරු ආබාධ මතුවන බවට තහවුරු වී තිබේ. එසේම මෙම ඖෂධය භාවිතා කිරීම සඳහා උපදෙස්‌ ...

Read More »

හතර දෙනෙකුට මරු කැඳවු වැසිකිළි වල

අතහැර දමා තිබූ වැසිකිළි වළක කොන්ක්‍රීට්‌ ලෑල්ල කඩා වැටී වළ තුළට වැටුණ කාන්තාවක්‌ බේරා ගැනීමට උත්සාහ කළ තිදෙනකු හා එම කාන්තාව විෂ වායු ආග්‍රහනය වීමෙන් මියගොස්‌ ඇත. රඹුක්‌කන, පරපේ, මීදෙණියවත්ත, ප්‍රදේශයේ පදිංචි හතරදෙනෙක්‌ ඊයේ (19 වැනිදා) පෙරවරුවේ මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූහ. මෙසේ මිය ගියේ යූ. ජී, සුනිල් ජයරත්න (52) එච්. ජී. ගාමිණී (44), එම්. ජී. ආනන්ද ප්‍රේමසිරි (39) සහ ...

Read More »

“වෙලේ සුදා උදයන්තිට ලක්ෂය ගානේ ගෙවලා “

චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිලි උදයන්ති කුලතුංගගේ බැංකු ගිණුම් තහනම් කිරීමේ නියෝගයට අදාළව කොළඹ මහාධිකරණය ලබාදුන් නියෝගයේ පිටපතක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙයි. සිය බැංකු ගිණුම් තහනම් කිරීමේ නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා උදයන්ති කුලතුංග විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම අද අධිකරණය හමුවේ සලකා බැලිණ. මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස නම්දරා සිටින වෙලේසුදා සමග මූල්‍ය ගනුදෙනු ...

Read More »

“සිරසේ ලොක්කා ඇඹලයෙක් “

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත් සභාවේ මැති ඇමතිවරුන් පිරිසක් සමග එම පළාත් සභාවේ මන්ත්‍රීවරියන් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ මල්ෂා කුමාරතුංග පෙරේදා (16) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාව ශ්‍රී ලංකාවේ සියලුම රූපවාහිනී නාළිකා සහ මාධ්‍ය ආයතන ප්‍රචාරය කළද සිරස මාධ්‍ය ජාලය එය වර්ජණය කරන ලදී. සිරස එසේ මාධ්‍ය සාකච්ඡාව වර්ජණය කළේ කවර හේතුවක් නිසාදැයි එක්තරා මාධ්‍යවේදියෙකු හිරුණිකාගෙන් විමසූවිට ඇය කදිම ...

Read More »

ශ්‍රී ලංකන් ගුවන් යානයක් අකරතැබ්බයක

ප‍්‍රංශයේ පැරිස් සිට ශ‍්‍රී ලංකාව බලා පැමිණෙමින් තිබූ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් ගුවනේදී වායු අවපාතයකට ලක්ව තිබේ. ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය සංවර්ධන කළමනාකරු දීපාල් වී. පෙරේරා මහතා පැවසුවේ එහිදී කාර්යමණ්ඩලයේ 4 දෙනෙකුට තුවාල සිදුවී ඇති බවයි. ඔවුන් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළට ගොඩබැස්වීමට ආසන්නව තිබියදී ...

Read More »

අත්භූත පවුලක් ගමක් කළඹයි

තඹුත්තේගම රාජපක්ෂගම ගම්මානයෙහි අද්භූත කාන්තාවක්, පිරිමියකු හා කුඩා දරුවකු සැරිසැරීම හේතුවෙන් ගම්වාසීහු සිය ගම්බිම් හැරදා යමින් සිටිති. දිවා කාලයේදී සහ රාත‍්‍රී කාලයන්හි මෙම අද්භූත පුද්ගලයින් තිදෙනා දැක ඇති ගම්වාසීන් රැුසක් සිය නිවාසවල ශාන්තිකර්මයන් පවා සිදු කර තිබේ. නමුත් මෙම අද්භූත පුද්ගලයින් තිදෙනා දිගින් දිගටම ප‍්‍රදේශයේ සැරිසැරීම හේතුවෙන් ගම්වාසීන් දැඩි භීතියට පත්ව පවුල් රැුසක් ගම හැරදා ගොස් තිබේ. පහුගිය දවසක් මහ ...

Read More »