16.3 C
London
Thursday, June 19, 2025
spot_img

චන්ද්‍රිකා ගෙන් මෛත්‍රී මහින්ද විරෝධි සන්ධානයක් – ලකුණ හංසයා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබාදීමත් සමගම හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හංසයා ලකුණින් මහමැතිවරණයට තරඟ කිරීමට තීරණය කර ඇත.

එතුමියට පක්ෂ බොහෝ ගණනක් මේ වන විටත් සහාය පලකර ඇති බව වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ අත්තනෝමතික රාජ්‍ය පාලනය පෙරලා දැමීමට මහා මෙහෙවරක් කළ කාන්තාවකි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය. එතුමිය ප්‍රමුඛව ජනවාරි 08 පැවති ජනාධිපතිවරණයට මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ගොඩනගා ගත් පොදු සන්ධානය තනි නොකිරීමට හා රාජපක්ෂවරුන් සහමුලින් පරාජය කිරීමට මෙවර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හංසයා ලකුණින් මැතිවරණ සටනට ඒමට තීරණය කර ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles