19.2 C
London
Monday, May 19, 2025
spot_img

දැනුමේ ආලෝකයෙන් හා අවබෝධයෙන් ජීවිතවලින් මොහඳුර පලවා හරින සුභ ශිව රාත්‍රියක් වේවා!

-දැනුමේ ආලෝකයෙන් හා අවබෝධයෙන් තම ජීවිතවලින් මොහඳුර පලවා හැරීමට මනුෂ්‍යයන් ගන්නා උත්සාහයක්‌ ලෙස ශිව රාත්‍රිය සංකේතවත් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහා ශිව රාත්‍රිය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක්‌ නිකුත් කරමින් පවසා අැත.
ශිව දෙවියන්ට පූජෝපහාර කිරීම සැමරෙන මහා ශිව රාත්‍රි උත්සවය දින ලොව පුරා සිටින තම සහෝදර හින්දු ලබ්ධිකයන් සමග එක්‌වන ශ්‍රී ලංකාවේ හින්දු භක්‌තිකයන්ට මා මෙම සුබපැතුම් පණිවුඩය එවන්නේ ඉමහත් සතුටිනි යනුවෙන් ද ඒම පණිවිඩයේ සදහන් වේ.
ශ්‍රී ලංකාවේ හින්දු භක්‌තිකයන් අප සමාජයේ සියලු ප්‍රජාවන් සමග මිත්‍රත්වයෙන් හා සමගියෙන් වාසය කිරීමේ දිගු කාලීන සම්ප්‍රදාය හේතුවෙන් මෙම උත්සවයේ නියම අරුත සොයා ගැනීමට සමගිය හා අවබෝධය තුළින් වඩා ශක්‌තියක්‌ ලැබෙනු ඇත.
ආදි කල්පිත නිර්මාණය හා විශ්ව ආරක්‍ෂණය සමරන ශිව දෙවියන්ගේ තාන්දව නොහොත් විශ්ව නර්තනය දැක්‌වීම මෙදින සිදු වූ බවට ඇති හින්දු ජනතාවගේ විශ්වාසය නිසා මෙම උත්සවයට සුවිශේෂ වැදගත්කමක්‌ ලැබී තිබේ.

තම පූජනීය ස්‌ථානයන්හි උපවාසය කිරීම හා ශිව රාත්‍රිය පුරා භක්‌තියෙන් නිදිවැරීම, පහන් දැල්වීම, ශිව දෙවියන්ට විශේෂ පූජා පැවැත්වීම, ඔහුට බුහුමන් දැක්‌වීමට යාඥ කිරීම හා දේව ස්‌තෝත්‍ර ගායනා කිරීම මෙම පූජනීය දිනයේ ඉටු කරන පිළිවෙත් වෙයි.

දැනුමේ ආලෝකයෙන් හා අවබෝධයෙන් තම ජීවිතවලින් මොහඳුර පලවා හැරීමට මනුෂ්‍යයන් ගන්නා නිත්‍ය උත්සාහය මෙම උත්සවයේ විශේෂ අංගයක්‌ වන පහන් දැල්වීම තුළින් සංකේතවත් වේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles