-ජීවිතය, ආදරය, රැකවරණය සැමදා ලැබෙන සෙලින්කෝ ලයිෆ් සමාගමේ ජිවිත රක්ෂණ අරමුදල 2014 නොවැම්බර් අවසන් වන විට රුපියල් බිලියන 60 ඉක්මවා ඇති බවත් ඒ මඟින් සමාගමේ ඉහළ මූල්‍ය ශක්තිය මනාව විදහා දැක්වෙන බව සෙලින්කෝ ලයිෆ් සමාගම දන්වයි. දේශීය ජීවිත රක්ෂණ සමාගම් අතුරින් සිය ජීවිත රක්ෂණ අරමුදල රුපියල් බිලියන 60 ක් දක්වා වේගයෙන්ම වර්ධනය කරගත් සමාගම සෙලින්කෝ ලයිෆ් වේ.
2014 සැප්තැම්බර් 30 වැනිදා වන විට සමාගමේ සමස්ත වත්කම් ප්‍රමාණය 19.4% ක ඉතා ඉහළ වර්ධනයක් ලබා ගනිමින් රුපියල් බිලියන 76.35 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර, සමාගමේ ආයෝජන 22.4% කින් කැපී පෙනෙන ලෙස රුපියල් බිලියන 62.152 ක් දක්වා සලකා බලන මාස 09 ක කාලය තුළදී වර්ධනය වී ඇත. මීට අමතරව, 2013 වසරේ මාස 09 ක කාලය සමඟ සැසඳීමේදී සමාගමේ දළ වාරික ආදායම 2014 සැප්තැම්බර් 30 වැනිදා වන විට 04% කින් රුපියල් බිලියන 8.6 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර ආයෝජන ආදායම 10.2% කින් රුපියල් බිලියන 05 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෙලින්කෝ ලයිෆ් කොළඹ කොටස් වෙළෙඳපොළට දැනුම් දී ඇත.
